
ඇමෙරිකන් අධිකරණයක්, ඉරානයට, සිරියාවට සහ උතුරු කොරියාවට නඩු පවරා තිබේ.
මෙම නඩු පැවැරීම සිදු කර ඇත්තේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, දේශසීමාහරහා ඊශ්‍රායලයට පහර දුන් අවස්ථාවේදී, ප්‍රහාරයට ගොදුරු වුණු වින්දිතයන් සහ එම වින්දිතයන්ගේ ඥාතීන් එකමුතු වෙමිනි.
හමාස් සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙමින් ඔවුන් ශක්තිමත් කරනවා යැයි එම වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන් ඉරානයට, සිරියාවට සහ උතුරු කොරියාවට චෝදනා කරමින්, අවම වශයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක වන්දි මුදලක් ද ඉල්ලා ඇත.
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ෆෙඩරල් අධිකරණයක් හමුවේ මෙම නඩුව ගොනු කර ඇත්තේ ‘අපහාස විරෝධී ලීගය’ නමැති ඇමෙරිකාන කේන්ද්‍රකොටගත් රාජ්‍ය නොවන සංවිධානයයි.
විදෙස් රටවල් තුනකට එරෙහි පැනැවූ විශාලතම නඩුව මෙය යැයි ද පැවැසෙයි. ඔක්තෝබර් 7 වැනිදා එල්ල වුණු හමාස් සටන්කාමීන්, ප්‍රහාරයට ලක්වුණු වින්දිතයන් සම්බන්ධ කර ගනිමින්, ‘අපහාස විරෝධී ලීගය’ සංවිධානය නඩ පැවැරීමක් කර ඇත්තේ යුදෙව් සංවිධාන ද හවුල් කර ගනිමිනි.
හමාස් සටන්කාමීන්ට අවි ආයුධ දෙමින් ඔවුන් ශක්තිමත් කරන්නේ ඉරානය, සිරියාව සහ උතුරු කොරියාව යැයි ඇමෙරිකන් බුද්ධි අංශ නිරන්තරයෙන් චෝදනා නගා තිබේ. ඊට අමතරව, මෙම රටවලින් හමාස් සටන්කාමීන්ට මූල්‍ය සහාය ද ලැබෙන බවටත්, මෙම රටවල් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා එල්ල වී තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1400
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරානයට, සිරියාවට, උතුරු කොරියාවට නඩු