ඉරානයේ අටවැනි ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහිම් රයිසි තේරී පත්වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.
ඊබ්‍රහිම් රයිසි ඉරානයේ දැඩි මතධාරී විනිශ්චයකාරවරයකු මෙන්ම අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ද වේ.
ඉරානයේ විප්ලව බලකායේ හිටපු අණදෙන නිලධාරී මොෂීන් රෙසියා, මධ්‍යස්ථ මතධාරී අබ්දුල්නසාර් හෙමාටි සහ සාම්ප්‍රදායික මතධාරියකු වන අමීර් හුසේන් ගසීසාදේ හෂේමි මෙම ප්‍රතිඵලය පිළිගන්නා බව ද නිවේදනය කළහ.
ඊබ්‍රහිම් රයිසිගේ ප්‍රධාන ප්‍රතිවාදීන් වූයේ ඔවුන් ය.
(රොයිටර්)
ඊබ්‍රහිම් රයිසි ඉරාන ඉස්ලාමීය අධිකරණ පද්ධතියේ ප්‍රධානියකු ද වේ.
රයිසි හැදි වැඩුණේ ඊසාන දිග ඉරානයේ නගරයක් වන මෂාද්හි ය. එම නගරය ෂියා මුස්ලිම්වරුන්ගේ ඉතා වැදගත් ආගමික මධ්‍යස්ථානයකි.
අටවැනි ෂියා ආගමික නායකයා ලෙස සැලකෙන ඉමාම් රෙසා භූමදානය කර ඇත්තේ ද මෙම නගරයේ ය.
රයිසි අධායපනය ලැබුවේ (ක්)ඔම් හි පිහිටි පූජක විද්‍යාලයකිනි (සෙමනේරිය). ඔහු ඉරානයේ උත්තරීතර නායක අයිතොල්ලා අලි හුසේනි කමේනි ඇතුළු එරට සිටින ප්‍රමුඛම මුස්ලිම් විද්වතුන් යටතේ අධ්‍යාපනය ලබා ඇත.
අධිකරණ පද්ධතිය තුළ විවිධ තනතුරු හෙබවීමෙන් අනතුරුව රයිසි 1985 වසරේ දී තෙහ්රාන් නුවරට පැමිණියේ ය. එහිදි හෙතෙම නියෝජ්‍ය අභිචෝදකයකු ලෙස පත්විය.
අධිකරණ පද්ධතිය තුළ විවිධ තනතුරු හෙබවීමෙන් පසු ඉරානයේ උත්තරී නායකයා වන අයතොල්ලා අලී කමේනි 2016 වසරේ දී රයිසි ඉරානයේ ඉමාම් රෙසා සිද්ධස්ථානය යටතේ පවතින අස්තාන්-ඊ-කුද්ස්-රසාවි භාරයේ භාරකරු ලෙස පත් කළේය. ඉමාම් රෙසා යනු ඉරානයේ බලවත් හා වැදගත් ආගමික සිද්ධස්ථානයක් වන අතර දේශපාලන වශයෙන් ද ඉතා වැදගත් වේ. ඒ යටතේ අස්තාන්-ඊ-කුද්ස්-රසාවි භාරය මඟින් ඉරානයේ ඩොලර් බිලියන ගණනක වත්කම් පාලනය වේ.
රයිසි 2017 වසරේ දී පැවැති ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය. එහිදි සමස්ත ඡන්දවලින් සියයට 38ක ප්‍රතිශතයක් හිමි කරගැනීමට ඔහු සමත්විය.
එම අවස්ථාවේ දී ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ හසන් රොව්හානි ය.
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානයට අලුත් ජනපතිවරයෙක්
ganegoda Sunday, 20 June 2021 02:34 PM
ඉරාන් ජාත්කයෝ එයාලාට හොඳ රජයක් පත්කරගත්තනේ... ඉතින් සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්..!!!