ඉරාකයේ කිර්කුක් හි පිහිටි ආරක්ෂක මුරපොළකට ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ.
ඉරිදා පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර මේ ප්‍රහාරයෙන් ඉරාකයේ පොලිසියේ 10 දෙනකු මියගොස් තවත් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීන් මෙම ප්‍රදේශයේ ඉතා ක්‍රියාකාරී වන අමාක් ප්‍රවෘත්ති සේවය ඔස්සේ ඔවුන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. අමාක් ප්‍රවෘත්ති සේවය ටෙලිග්‍රෑම් ඔස්සේ ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වේ.
කිර්කුක් නගරයට කිලෝමීටර 30ක් පමණ දුරින් පිහිටි රෂාඩ් නගරයේ පොලිස් මුරපොළකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර පොලිසිය සහ ප්‍රහාරකයන් අතර පැය දෙකකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු සිදුව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් මුරපොළේ සිටින පොලිස් නිලධාරීන්ගේ සහායට තවත් පොලිස් නිලධාරීන් පැමිණීම වැළැක්වීම සඳහා සටන්කාමීන් මාර්ග දෙසට ද බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙන අතර එම ප්‍රහාරවලින් පොලිසියට අයත් මෝටර් රථ තුනක් ද විනාශයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
ඉරාකයේ මොසුල් නුවර පිහිටි ආරක්ෂක මුරපොළකට ද ඉරිදා තවත් ප්‍රහාරයක් එල්ල වී තිබිණි. එම ප්‍රහාරයෙන් ඉරාක සොල්දාදුවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වාර්තා විය.
ඉරාකය තුළ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් සන්නද්ධ කණ්ඩායම 2017 වසරේ දී පරාජයට පත්වුව ද ඔවුන් ඉරාකය තුළ විවිධ ස්ථානවල ප්‍රහාර එල්ල කරමින් පළා යමින් සිටියි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉරාක පොලිස් මුර පොළට ප්‍රහාරයක්