IMG-LOGO

ඉරාක - ඉරාන මිත‍්‍රත්වයට ඉඩ දෙන්නේ නැහැ

ඉරාකය සහ ඉරානය අතර සබඳතා ශක්තිමත් වීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා රජය මේ බව කියා සිටියේ සිරියා අර්බුදයේදී ඉරාකයත් ඉරානයත් බටහිර විරෝධී ස්ථාවරයක සිට කටයුතු කිරීම හේතුවෙනි. ඉරාකයත් ඉරානයත් අතර සබඳතා ශක්තිමත් වීම වළක්වමින් තමන් ඉරාක රජය හා එරට හමුදාව අතර සබඳතා තර කර ගැනීමට යුහුසුළුව කි‍්‍රයා කරන බව ඇමෙරිකා රජය පවසයි. ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය අවසන් කොට ඉරාකයෙන් පිටවී ගොස් මාස අටක් ගතවී ඇති නමුත් ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා තවමත් අවසන් වී නැත. ඇමෙරිකා රජය පැවැසුවේ ඉරාක රජය සහ හමුදාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ඇමෙරිකා හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනරාල් මාටින් ඩෙම්ප්සී ඉරාකයට යැවීමට ඔබාමා පරිපාලනය සූදානම් වන බවය. ජනරාල් ඩෙම්ප්සී මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සංචාරයක යෙදෙමින් සිටී. 2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය නිමා කර ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට ඇමෙරිකාව සූදානම් වේ. ඉරානය ඇෆ්ගනිස්තානයේ අසල් වැසියෙකි. ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු රටේ ආරක්ෂක කටයුතුවලට සහාය දීමට තමන් සූදානමින් සිටින බව ඉරානය අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රජයට පවසා ඇත.



අදහස් (0)

ඉරාක - ඉරාන මිත‍්‍රත්වයට ඉඩ දෙන්නේ නැහැ

රසික පද්මජීව Sunday, 26 August 2012 07:00 AM

ඇමෙරිකාවාත් බවයි එහේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site