IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාරයක්

මධ්‍යම ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් රැස්ව සිටි ස්ථානයකට පෙරේදා(18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් විසිදෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 50 දෙනකු තුවාල ලබා ඇතැයි එරට හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. සිය මියගිය ඥාතීන් වෙනුවෙන් ශෝකය පළ කිරීම පිණිස එක්රැස්ව සිටි ෂියා මුස්ලිම්වරුන් පිරිසකට මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප‍්‍රහාරයට ලක් වූවන් අතර හමුදා ලූතිනන්වරයකු, පොලිස් නිලධාරීන් සිව් දෙනකු සහ ආරක්ෂක අංශ සාමාජිකයන් හත් දෙනකු සිටි බව ද වාර්තා වේ. ෂියා මුස්ලිම් නායකයකුවන සාමි අල් මසුඩි ගමන් ගත් රථ පෙළ ඉලක්ක කරගෙන අටවා තිබූ බෝම්බ පිපිරීයාමේ සිද්ධියයෙන් දිනකට පසුව මෙම ප‍්‍රහාරය එල්ලවී තිබේ. මෙයින් අල් මසුඩිගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ඇත. ඉකුත් සති කිහිපය තුළ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාර ගණනාවක් එල්ල විය. මෙම ප‍්‍රහාර සම්න්ධයෙන් අදහස් දැක්වූ අල් මසුඩි කියා සිටියේ ඉකුත් සතියේදී ෂියා ආගමික නායකයන් සිය අනුගාමිකයන්ට අන්තවාදී ගැටුම් ඇවිළවීමට උත්සාහ ගන්නා මනුෂ්‍යත්වයට එරෙහි සතුරන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස දන්වා තිබූ බවයි. ෂියා මුස්ලිම්වරුන් වෙත මෙසේ ප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණ ඉරාකයේ ෂියාවරුන් පාලනය හොබවන ඉරාක රජය පෙරළීම බව මසුඩි වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාරයක්

නිසා Wednesday, 20 June 2012 03:06 PM

මෙයාල ගිය තැන ඉවරයි............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site