ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් බොහොමයක් ජීවත් වන නගරවලට ඊයේ (28) එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 107 කට වැඩිය. ප‍්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම් බැතිමතුන් අශූරා ආගමික උත්සවයට සහභාගී වෙමින් සිටිද්දී යැයි පොලිසිය පවසයි. මීට පෙර වසරවලදී ද මේ අයුරින්ම අශූරා ආගමික උත්සවය පැවැත්වෙද්දී ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල විය. එම ප‍්‍රහාර එල්ල කළේ සුන්නි මුස්ලිම් සටන්කාමී කල්ලිය. බටහිර බැග්ඩෑඞ්, කර්බාලා සහ ෆලූජා යන නගරවලදී මෙම බෝම්බ ප‍්‍රහාර එල්ල වී ඇත. ඉකුත් මාස දෙක තුළ එල්ල වූ දරුණුතම ප‍්‍රහාරය ලෙස මෙය සැලකේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ
සුසිල් Saturday, 01 December 2012 06:22 PM
අවාසනාවන්ත පුවතක් නේ (දී)
මුතුකුඩ Saturday, 01 December 2012 12:17 AM
ඉතාම කණගාටුදායක පුවතක්. සාමය උදාවේවායි පතමි. (නි)
ඉනෝකා Saturday, 01 December 2012 10:16 PM
කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ... (නි)
නුවන් Saturday, 01 December 2012 02:19 PM
හොඳයි නේ (ස)
මධූ Friday, 30 November 2012 12:42 PM
හොඳ පුවතක් (ස)
අරුණ Friday, 30 November 2012 01:56 PM
කනගාටුයි
නදීක Friday, 30 November 2012 08:24 PM
ලෝකම ගිනි ගොඩක් වගේ (දී)