ඉරාකයේ පුපුරා ගිය බෝම්බ මාලාවකින් පුද්ගලයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ඉරාක ආරංචි මාර්ග වාර්තා කරයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව 100 කට ආසන්නය. ඉරාක රජය පෙරළා දැමීමට තැත් කරන ඉස්ලාමිීය කැරලිකරුවන්් මේ ප්‍රහාර පසුපස සිටිතැයි සැක කෙරේ. සාමාන්‍ය වැසියන් ගැවැසෙන පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ අටවා තිබී ඇත. හජ් උත්සව සමය නිසා ඉරාක වැසියන් බොහෝ දෙනා සිටින්නේ සිය නිවෙස් වලින් බැහැරව පොදු ස්ථාන වල බැවින් මරණ සංඛ්‍යාව මෙවන් ඉහළ අගයක් ගෙන තිබේ. ක්‍රීඩාංගනයක් අසල අටවා තිබූ බොම්බයක් පුපුරා ගියේ ඊයේ පෙරවරුවේදීය,එයින් කුඩා ළමයින් ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනකු මිය ගොස් ඇතැයි සදහන්ය.අනතුරුව සදාර් නගරයේ පොදු වෙළද පොළක් හා බස් නැවතුම් පළක් ඉලක්ක කර ගෙන කාර් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 22 කි. මේවාට අමතරව බැග්ඩෑඩ් නගරය කරා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක අටවා තිබූ තවත් බෝම්බයක් පුපුරා යාමෙන් දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා කියයි. ඉරාකයේ යුද්ධය අවසන් වී කලක් ගත වී ඇත.නමුත් පිහිටවනු ලැබූ නව රජයට එරෙහි ඉරාකයේ විවිධ ජන කොට්ඨාස වලට අයත් කැරළිකරුවන් හා ඉරාක හමුදා අතර තවදුරත් ගැටුම් ඇතිවේ. ඔවුන් සාර්ථකව මැඩ පැවැත්වීමට ඉරාක ආරක්ෂක අංශ තවමත් සමත් වී නොමැත. උත්සව සමයන්හි ඉරාක කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා වර්ධනය වන ආකාරයක් දැක ගත හැක.පසුගිය අගොස්තු මාසයේදී සැමැරුණු රාමසාන් උත්සව සමයේ ඔවුන් එල්ල කර ප්‍රහාර වලින් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 100 ඉක්මවීය. (කෝ වි ගු)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉරාකයේ යළි බෝම්බ පුපුරයි
දිමුතු Tuesday, 06 November 2012 08:21 PM
හොද පත්තරයක්. මම කැමතියි. (නි)