IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් 46 ක් මරුට

ඉරාකයේ  පසුගිය දින කිහිපයේ විරෝධතාවයේ යෙදුනු පිරිස් අතර ඇතිවුණු දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් වේ.

වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ ගතවූ පැය 24 තුළ බවත් කලබල ඇතිකිරීම සම්බන්ධව දේශපාලකයන් වෙත චෝදනා එල්ල වන බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

පෙළපාලිකරුවන් මර්ධනය කිරීම සඳහා හමුදාව ජීව උණ්ඩ භාවිතා කර ඇති අතර ඒ හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ බවට පෙළපාලිකරුවෝ චෝදනා කරති.

සිදු වූ අනතුරු හේතුවෙන් සියගණනක් පිරිස් තුවාල ලබා ඇත. නගර ගණනාවක ඇඳිරි නීති පනවා ඇති අතර  දේපල හානි හා ගිනි තැබීම් ද වාර්තා වී ඇත.

ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මහතා ජනතාව අමතමින් පවසා ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න රජය තේරුම්ගෙන ඇති නමුත් ඒ සඳහා ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් 46 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site