මධ්‍යම ඉරාකයේ ජනාකීර්ණ ස්ථානයකදී පෙරේදා(3) ට‍්‍රක් රථයක අටවන ලද බෝම්බයක් පුපුරා යාමෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් රට තුළ හට ගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් හේතුවෙන් තවත් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ. එළඹෙන සිකුරාදා දිනයේදී පැවැත්වීමට නියමිත ෂියා ආගමික උත්සවයකට සහභාගී වීමට පැමිණෙන ෂියා බැතිමතුන් ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාර එල්ල වී තිබෙන බවත් මෙම ගැටුම් හේතුවෙන් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉරාක ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. බැග්ඩෑඞ් නුවරට දකුණින් පිහිටි ඩිවනියා නගරයේ වෙළෙඳපොළක් ආසන්නයේදී ට‍්‍රක් රථයේ ඇට වූ බෝම්බය පුපුරා ගොස් ඇත. සිද්ධියෙන් ඒ අසල සිටි 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. මේ සිද්ධියෙන් අනතුරුව ලක්ෂ හතරකට අධික ජනතාවක් වාසය කරන ඩිවනියා නගරයට ඇඳිරි නීතිය පැනවූ බව ද ඔහු සඳහන් කළේය. මෙම ප‍්‍රහාරවලට අමතරව කර්බාලා, ටාජි සහ ටුස් කුර්මාටු යන ප‍්‍රදේශවලින් ද බෝම්බ පිපිරීමේ සිද්ධි වාර්තා වන බව ඉරාක ආරක්ෂක අංශ පවසයි. ‘කර්බාලා නගරයට විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිති. අල් කයිඩා සටන්කාමීන් සහ අන්තාවාදී පිරිස් ජනවාර්ගික ගැටුම් ඇවිලවීමේ අරමුණින් මෙම ප‍්‍රහාර එල්ල කරනවා’ යැයි විදෙස් විශ්ලේෂකයෙක් වන ජෝන් ඩ්‍රේක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාකයේ නගර කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 38ක් මරුට