IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරාකයේ කාර් බෝම්බ 4 ක් පිපිරී 14 ක් මියයති: 75 කට තුවාල

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත් වන සදාර් ප‍්‍රදේශයේ පෙරේදා (24) කාර් බෝම්බ හතරක් පුපුරා යෑමෙන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. ඉරාක ආරක්ෂක අංශ පැවැසුවේ එය ආගමික ගැටුමක් බවත් සුන්නි මුස්ලිම් සටන්කාමීන් එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයක් බවත්ය. පළමු බෝම්බය පුපුරා ගියේ පෙරේදා (24) උදෑසනය. එම බෝම්බ ප‍්‍රහාරයට බිලිවූයේ සදාර් ප‍්‍රදේශයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නියැළුණු සේවක සේවිකාවන්ය. පළමු බෝම්බ පිපිරීමෙන් අට දෙනකු මියගිය අතර තුවාල ලැබූ ගණන 24 ක් යැයි බැග්ඩෑඩ් පොලිසිය පවසයි. දෙවැනි සහ තෙවැනි කාර් බෝම්බ පුපුරා ගියේ ඊට පළමු බෝම්බ පිපිරුමෙන් පැය කීපයකට පසුවය. ඒවායින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 26 දෙනකු රෝහල් ගත කෙරුණු බව පොලිසිය පවසයි. සිවුවැනි කාර් බෝම්බය පුපුරා ගියේ ෂූලා දිස්ති‍්‍රක්කයේ හූරියා නමැති කාර්ය බහුල වීදියේය. ඉරාකයේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුමේ ඉතිහාසය 2006 වසර තරම් ඈතට දිවයයි. ඉරාක නායක සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දමා ඇමෙරිකන් හමුදා ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පසුවත් එම ගැටුම්වල අවසානයක් දකින්න නොලැබිණි. එහෙත් ඇමෙරිකා හමුදා ඉරාකයේ සිටිද්දී එම ගැටුම්වල අඩුවක් දකින්න ලැබිණි. ඉරාකයේ සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර අර්බුදකාරී තත්ත්වය ඇමෙරිකා සෙබළුන් පිටවීමත් සමඟ තවත් උග‍්‍රවීමට එක් හේතුවක් වූයේ සුන්නි මුස්ලිම් උප ජනපති තාරේක් අල් හෂේමී අත්අඩංගුවට ගන්නැයි ෂියා මුස්ලිම් අගමැති නූර් අල් මලීකී එරට අධිකරණයෙන් ඉල්ලා සිටීමත් සමඟය. ඊට හේතුවූයේ සුන්නි මුස්ලිම් උප ජනපති රජයේ නිලධාරීන් ඝාතනය කිරීමට අල් කයිඩා සටන්කාමීන් එක්වී කටයුතු කළැයි චෝදනා එල්ල වීම නිසාය. කෙසේ නමුත් උප ජනපති තාරේක් තවමත් අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු ඉරාකයේ කුර්දි පළාතේ සුන්නි පාක්ෂිකයන්ගේ ආරක්ෂාව යටතේ පසුවෙයි.



අදහස් (0)

ඉරාකයේ කාර් බෝම්බ 4 ක් පිපිරී 14 ක් මියයති: 75 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 182 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 57 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site