අල් කයිඩා සටන්කාමීහු ඊයේ (01) ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අධි බලැති කාර් දෙකක් පුපුරුවා හරිමින් නගරයේ පොලිස් ස්ථානයකට කඩා වැදී පහර දුන්හ. එම ප‍්‍රහාරයෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් තුවාල ලැබූහ.
සටන්කාමීන් එම ප‍්‍රහාර එල්ල කොට ඇත්තේ ඉතා සැලැසුම් සහගතව යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ඔවුන් මුලින් කාර් බෝම්බ පුපුරුවා හැර ඇත.
කාර් බෝම්බ එකම වේලාවක කාර්ය බහුල වීදියක පුපුරා හැර ඇත. මගී බස් රියක් ද එක් බෝම්බයකට හසුවූ අතර එහි කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටි බව ද වාර්තා වේ.
බෝම්බ පිපිරී යෑමත් සමඟ හටගත් කලබලය මැද පොලිස් සහ හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණෙද්දී තවත් අල් කයිඩා බෝම්බකරුවෝ දෙදෙනෙක් ඊට නුදුරින් වූ පොලිස් ස්ථානයට කඩා වැදී බෝම්බ පුපුරුවා ගත්හ.
එම බෝම්බකරුවන් දෙදෙනා පොලිස් ස්ථානයට ඇතුළු වී ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසීය.
එම පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් අල් කයිඩා සටන්කාමීන් කිහිප දෙනකු සිටි බවත් බෝම්බකරුවන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන් මුදා ගැනීම බවත් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
පොලිසියට ඇතුළු වූ බෝම්බකරුවන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය අවසන් කොට ඉකුත් වසරේ ඉරාකයෙන් නික්ම යෑමෙන් පසු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා යළිත් හිස ඔසවා ඇත. ඇමෙරිකා හමුදා ඉරාකයෙන් පිටවී ගියේ රටේ ආරක්ෂක කටයුතු ඉරාක ආරක්ෂක අංශ වෙත බාරදීමෙන් අනතුරුවය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරා 19ක් මරුට
සමන් බහරේන් Saturday, 04 August 2012 12:07 PM
මා මෙයට අදහස් යොමු කළා. පළවී නෑ. ඒ ඇයි?
නිමල් Saturday, 04 August 2012 05:42 PM
නියමයිනේ. තව පිපිරියන් බෝම්බ ඇති වෙන්නම. (නි)
ප්‍රියන්ත Monday, 06 August 2012 07:17 PM
විදෙස් පුවත් නැද්ද? (නි)