කාලගුණ විද්‍යාඥයන්, ‘ඉයන්’ යන නමින් නම් කළ හරිකේන් සුළි කුණාටුව, මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදුණි.
ඇමෙරිකන් ජාතික හරිකේන් සුළි කුණාටු අනතුරු ඇඟවීමේ ඒකකය අනතුරු අඟවමින් කියා සිටියේ, ‘ඉයන්’ ප්‍රචණ්ඩත්වය අතින්, ප්‍රචණ්ඩත්වට වැඩිම සිවුවැනි කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් බවය.
දශක ගණනාවකින් පසු ඇමෙරිකාවට කඩා වැදුණු බිහිසුණුම සුළි කුණාටුව ලෙස ‘ඉයන්’ හඳුන්වා දීමට කාලගුණ විද්‍යාඥයන් පියවර ගෙන තිබේ.
‘ඉයන්’ සුළි කුණාටුව කඩා වැදුණේ ෆ්ලොරීඩාවේ දකුණුදිග පළාත් හරහා රට තුළට ඇතුළු වූයේ ‘කායෝ කොස්තා’ නමැති කුඩා දූපත හරහා, ඒ, ඇමෙරිකාවේ වේලාවෙන්, සවස 9 ට පමණි. ‘ඉයන්’ සුළි කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර් 240 ක් බව ද පැවැසෙයි.
සුළි කුණාටුව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට දකුණු හානි සිදුවී ඇති බවත්, ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති බවත් පැවැසෙයි. විදුලිබල සැපැයුම අඩපණ වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (28) වාර්තා කළේ ෆ්ලොරීඩාවේ නිවාස සහ ගොඩනැගිලි මිලියන 1.1 කට විදුලිය බලය අහිමි වී ඇති බවය.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ඉයන්’ සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තය කලඹයි
මෝ Thursday, 29 September 2022 12:39 PM
දැන් වේලාව පාන්දර 3.00යි.මේ වන විට සුලි කුනාටුව මා ජීවත් වන ඔර්‍ලැන්ඩෝ නගරය හරහා ගමන් කරනවා.දැඩිවර්ශාපතනයක් සහ සුලං හමනවා.