IMG-LOGO

ඉම්රාන් ඛාන් සමාව ඉල්ලයි

විනිසුරුවරියක විවේචනය කරමින් ඇයට තර්ජනය කළේ යැයි චෝදනා ලැබ සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අගවිනිසුරු අතාර් මිනල්ලා ඇතුළු විනිසුරු මඩුල්ල හමුවී සමාව ඉල්ලා සිටි බවත් පසුව ඔහු තර්ජනය කළේ යැයි චෝදනා නැගුණු විනිසුරුවරිය ෂොබා චෞද්‍රි හමුවී ඇයගෙන් ද සමාව ඉල්ලා සිටි බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

අධිකරණයට අපහාස කරමින්, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, විනිසුරු ෂොබා චෞද්‍රිට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වූයේ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය අගෝස්තුවේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැලියකදී කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. 

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, මෙම ප්‍රකාශය කළේ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ෂබාස් ගිල් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට විනිසුරු ෂොබා චෞද්‍රිට තීන්දු කළ බැවිනි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සමාව නොගෙන, ඔහුට එරෙහිව පැවැරුණු නඩුවෙන් වරදකරු වූයේ නම්, වසර 5 ක දේශපාලන තහංචියක් හිමි වීමට ඉඩ තිබුණු බව පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන් ඛාන් සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site