IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන් මැතිවරණ කටයුතු ආරම්භ කරයි

ලබන මැයි මාසයේ 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසෙන, හිටපු කි‍්‍රකට් තරුවක මෙන්ම තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායකයා ද වන ඉම්රාන් ඛාන් ඉකුත් 23 වැනිදා ලාහෝර් නුවර පැවැත්වූ දේශපාලන රැලියට ලක්ෂ දෙකකට අධික පිරිසක් සහභාගී වූහ.
පාකිස්තාන දේශපාලන විචාරකයන් පවසන්නේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පාකිස්තාන දේශපාලන කරළියට කඩා වැදුණු සුනාමියක් කියාය. ලබන මහ මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ප‍්‍රමුඛ ඔහුගේ පක්ෂයට ආසන 20 ක් හෝ 40 ක් දිනා ගැනීමට හැකිවනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
1992 කි‍්‍රකට් ලෝක කුසලානය පාකිස්තානයට හිමිකර දෙමින් කි‍්‍රකට් පිටියේ පෙරැුළි කළ ඉම්රාන් ඛාන්, පාකිස්තාන තරුණ තරුණියන්ගේ ආකර්ශණයක් වී ඇති අතර, ඔහු වටා එක් රොක් වී සිටින්නේ ද පාකිස්තානයේ තරුණ ජවයයි.
දේශපාලනයට නවකයකු වීම නිසා නිර්මාණ දේශපාලනඥයකු ද වන ඉම්රාන් ඛාන්ට ප‍්‍රධාන පාකිස්තාන නගර සෑම එකකින්ම සහාය හිමිවෙයි.
පාකිස්තානයට අයත් ඇෆ්ගන් දේශසීමාබඳ ප‍්‍රදේශවලට ඇමෙරිකා හමුදා එල්ල කරන ගුවන් ප‍්‍රහාර සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන ඉම්රාන් ඛන් පවසන්නේ පාකිස්තානය ඔවුන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගත යුතු බවය. පාකිස්තානය මිතුරකු කර ගත යුතු නමුත් වහලකු කරගත නොගත යුතු යැයි ද ඉම්රාන් ඛාන් පවසයි.
ඇමෙරිකානු ගුවන් ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සිය විරෝධය පළ කර සිටියත්, තලේබාන් සංවිධානය ඔහුට විරෝධය පළ කරයි. ඒ, ඉම්රාන් ඛාන්ගේ සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ දර්ශනය තලේබාන් සංවිධානය අනුමත නොකරයි. එම නිසා ඔහුට තලේබාන්වරුන්ගෙන් මරණ තර්ජන ද එල්ල වී ඇත.



අදහස් (0)

ඉම්රාන් ඛාන් මැතිවරණ කටයුතු ආරම්භ කරයි

ගාමිණී Thursday, 28 March 2013 04:59 PM

ඉම්රාන් ඛාන්ට ජය සිකුරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site