IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

අපේක්ෂිත ඇප කාලය අවසන් වූ සැණින්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලිස් දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ නිවහන පිහිටා ඇත්තේ ඉස්ලාමාබාද් නුවර බානිගාලා ප්‍රදේශයේය. මාධ්‍ය වාර්තා කළ අන්දමට, අග්‍රාමාත්‍ය ඉම්රාන් අත්අඩංගුවට ගනු ඇත්තේ, බානි ගාලා නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් යැයි පැවැසෙයි.

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා පැහැදිලි කර තිබේ.
පාකිස්තානයේ පේෂාවර් මහාධිකරණය ඉකුත් දෙවැනිදා හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තාන රුපියල් 50,000 ක ඇප බැඳුම්කරයකට යටත්ව සති තුනක කාලයක් සඳහා අපේක්ෂිත ඇප නියම කළේය.

රජයට එරෙහිව කැරැලි ගැසීම සහ රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම සහ රජයට එරෙහිව සන්නද්ධ ප්‍රහාර දියත් කිරීම ඇතුළුව චෝදනා රාශියකට ඉම්රාන් ඛාන් විත්තිකරු වී සිටී. පේෂාවර් මහාධිකරණය හමුවේ මෙම චෝදනා ගොනු කර ඇත.

“සදාචාරාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොසලකා හරිමින් තම විරුද්ධවාදීන් ද්‍රෝහීන් ලෙස හඳුන්වමින් මිනිසුන් උසිගන්වන මේ වගේ පුද්ගලයෙක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධානියා වන්නේ කෙසේද?”යැයි අමාත්‍ය රනා සනාවුල්ලා විමසා ඇත. කෙසේ නමුත්, ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට ඉම්රාන් ඛාන් හට කිසිඳු බාධාවක් නොමැති බවත්, නීතියට අනූව ඔහුට අවශ්‍ය ආරක්ෂාව සපයන බවත් අමාත්‍ය රනා සනාවුල්ලා පවසා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

ඉම්රාන් ඛාන් ඉකුත් හතර වැනිදා රාත්‍රියේ පෙෂාවර් සිට  ඉස්ලාමාබාද් හි බානි ගාලා නිවසට පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් පොලිසිය විසින් ඒ අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේය. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ක්‍රියා මාර්ග රැසක් අනුගමනය කර ඇතැයි  ඉස්ලාමබාද්පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ.

ඉම්රාන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය පියවර ගෙන ඇත්තේ ඔහු ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මක වෙනවා යැයි ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්‘ පක්ෂය පොලිසියට පැමිණිලි කර ඇති බැවිනි. ඒ අනුව ඉස්ලාමාබාද් නුවර ජනතා ඒකරාශීවීම් තහනම් කිරීමට ඉස්ලාමාබාද් පොලිසිය උපදෙස් ලබා දී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉම්රාන් ඛාන් ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟය. ඉම්රාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්‘ පක්ෂය මේ වනවිට ජන රැලි පවත්වයි. ඒ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි බල කරමිණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 534 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site