IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉම්රාන් ඛාන්ට තලේබාන් සංවිධානයෙන් මරණ තර්ජන

පාකිස්තානයේ හිටපු සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයකු මෙන්ම වර්තමාන දේශපාලන කරළියේ ප‍්‍රබල චරිතයක් ද වන ඉම්රාන් ඛාන්ට තලේබාන් සංවිධානයෙන් මරණීය තර්ජන එල්ල වෙමින් පවතී. ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ නායකයා වන ඉම්රාන්්ට මරණීය තර්ජන එල්ල වී ඇත්තේ ඔහු සහ ඔහුගේ පක්ෂ සාමාජිකයන් එක්වී, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ විරෝධතා රැලියක් පැවැත්වීමට සූදානම් වීමත් සමඟය. එම විරෝධතා රැුලිය සංවිධානය කළේ ඇමෙරිකා හමුදාව අසල්වැසි ඇෆ්ගනිස්තානයේ සිට දේශසීමා උල්ලංගනය කරමින් පාකිස්තානයට පැමිණ එල්ල කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප‍්‍රහාරවලදී පාකිස්තාන සිවිල් වැසියන් ඝාතනය වීමට විරෝධය පළ කිරීමක් ලෙසටය. විරෝධතා රැලියට පාකිස්තාන වැසියෝ දහස් ගණණක් සහභාගී කරවා ගැනීමට ද ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය බලාපොරොත්තු වූ බව මාධ්‍ය වාර්තා පවසයි. ඇමෙරිකා ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන්නේ තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්ය. තලේබාන් සංවිධානය එම ප‍්‍රහාරවලට පමණක් නොව ඉම්රාන් ඛාන් සහ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට ද විරෝධය පළ කරයි. ”අප ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට විරුද්ධයි. ඉම්රාන් ඛාන් නිදහස් මතධාරියෙක්. ඔහු ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ විරෝධතා රැුලි පැවැත්වීමට පැමිණියහොත් හෝ ලබන මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් හෝ අපි මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ඔහු මරා දමනවා” යැයි තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අෂාමුල්ලා අශාන් තර්ජනය කරයි. ඇමෙරිකාව මිතුරකු ලෙස තබා ගත යුතු බවත් ඇමෙරිකාවට ගැති නොවිය යුතු බවත් ඉම්රාන් ඛාන් පාකිස්තානයට පවසයි. පාකිස්තාන රජය එහි ස්වෛරීත්වය රැක ගත යුතු යැයි ද ඔහු අවධාරණය කරයි. පසුගිය වසරේ නොවැම්බරයේ ඇමෙරිකා හමුදා ගුවන් ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් මියයෑමේ සිදුවීමෙන් පසු වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීමට එරෙහිව ද ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට දොස් කියයි. පාකිස්තානය ඇමෙරිකාවේ රූකඩයක් නොවිය යුතු යැයි ද ඉම්රාන් ඛාන් වැඩි දුරටත් කියා සිටී. ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ගෙන යන සටනේදී ඇමෙරිකන් සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ඇෆ්ගනිස්තානයට ගෙන යන්නේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පාකිස්තාන දේශ සීමා හරහාය. එහෙයින් එම සැපැයුම් මාර්ග විවෘත කිරීම ඉතා වැදගත් වේ. ඉම්රාන් ඛාන් පක්ෂ ආධාරකරුවන් සමඟ  



අදහස් (0)

ඉම්රාන් ඛාන්ට තලේබාන් සංවිධානයෙන් මරණ තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site