පාකිස්තාන අග්රායමාත්යි ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසුම හෙට (31) පැවැත්වීමට නියමිතය
පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම විශ්වාසභංගය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ගමන තීන්දු කරනු ඇති බවය. දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා අනාවැකි පළ කර ඇත්තේ විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් පරාජය වනු ඇති බවය.
විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාකිස්තාන ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ යි. ඒ, රටේ මේ වනවිට පවතින ආර්ථික අර්බුදයට පාකිස්තාන අග්රාාමාත්යහ ඉම්රාන් ඛාන් වගකිව යුතු බවට චෝදනා නගමිනි. පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ බිලාවිල් භූතෝ ය. බිලාවිල් යනු ඝාතනයට ලක්වුණු හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරය බෙනාසීර් භූතෝගේ පුත්‍රයාය.
ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දූෂණ විරෝධී දේශපාලන කණ්ඩායමටය. 2018 ලැබූ මැතිවරණ ජයග්රීහණයෙන් පසු ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සභාව රජයක් පිහිටුවීය.
රටේ ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු යැයි ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය අභ්‍යන්තරයෙන් ද චෝදනා නැගෙමින් පවතී. පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කණ්ඩායමක් ඉම්රාන්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කර ඇති අතර, ඔවුන් තරයේ පවසා ඇත්තේ විපක්ෂය ගෙනා විශ්වාසභංගයට තමන් සහාය දක්වමින් ඡන්දය ලබා දෙන බවටය.
මේ අතර, අග්‍රාමාත්‍ය ඉම්රාන් සිය පක්ෂ මන්ත්රී වරුන්ට පවසා ඇත්තේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වෙද්දී ජාතික සභාව (පාර්ලිමේන්තුව) ට පැමිණීමෙන් වළකින ලෙස හෝ ඡන්ද විමසුමේදී කිසිදු පාර්ශ්වයකට ඡන්ද දීමෙන් වැළැකී සිටින ලෙසය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉම්රාන්ට එරෙහි දෝෂාභියෝගය හෙට