IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉම්රාන්ටත් බිරිදටත් සිරදඬුවම්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග, අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ අවස්ථාවේදී ආපසු බාර නොදීම සම්බන්ධයෙනි.

ඉම්රාන් සහ බිරිඳ ඔවුන්ට ලැබුණු ත්‍යාග භාණ්ඩ විකුණා ඇතැයි ද චෝදනා එල්ල වී ඇත. බුෂ්රා බිබී යනු අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ තෙවැනි බිරිඳය.

මේ වනවිටත් බන්ධනාගාර ගත කර සිටින ඉම්රාන්ට ඊයේ (30) තවත් වසර 10 ක සිර දඬුවමක් හිමිවිය. ඒ, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් පසුවය.

ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිවි වූයේ 2022 වසරේ විපක්ෂය එක් වී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයකිනි. පසුගිය 2023 වසරේ දී දූෂණ චෝදනා මත ඉම්රාන්ට වසර 3 ක සිර දඬුවමක් නියම විය.

තවත් දූෂණ චෝදනා රැසක් ඉම්රාන්ට එල්ල වී ඇත. ඒ සියලු චෝදනා ඉම්රාන් ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසා ඇත්තේ ඔහු දේශපාලන පළිගැනීමකට ලක් වී සිටින බවය.



අදහස් (3)

ඉම්රාන්ටත් බිරිදටත් සිරදඬුවම්

නිහාල් Wednesday, 31 January 2024 12:50 PM

මෙහෙනම් මනුෂ්‍ය ඝාතන සිදු කරලා ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් විඳීන අයත් ජනාධිපති පොදු සමාව දීලා නිදහස් කරනවා. ඔහේ ඒ තරමට සංවර්ධනය වෙලා නැද්ද?

:       1       30

Prabha Wednesday, 31 January 2024 03:56 PM

අපේ නම් ජනාධිපති මන්දිරේ තියන දේවල් අයිති එයාලාට... ඒකනේ අර මුල්කිරිගල පින්තූරේ එංගලන්තයට විකුණුවේ...!

:       1       11

Perera Thursday, 01 February 2024 04:47 AM

පාකිස්තානේ එහෙම උනත් ලංකාවේ මයිනටයි හෙරලියාටයි එහෙම වෙන්නේ නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 280 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site