IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉම්රාන්ගේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක්

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරීෆ් අලීව් පවසා පවසයි.

විපක්ෂයේ විශ්වාසභංගයෙන් පරාජය වී ධුරය අහිමි වුණු ඉම්රාන් චෝදනා නගන්නේ, විපක්ෂය ඇමෙරිකාව සමඟ එක් වී, ඇමෙරිකාවෙන් මුදල් ලබා ගෙන තමන් ප්‍රමුඛ රජය පෙරළා දැමීමට කටයුතු කළ බවය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි පාකිස්තාන ජනාධිපති ලේකම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

තමන් බලයෙන් නෙරපා දැමීමට, එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පියවර ගත් බවට ඉම්රාන් චෝදනා නගන්නේ, දුරකතන හඩ පට සහ හුවමාරු වුණු ලිපි කීපයක් ද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමිණි. ඒවා මේ වනවිට පොලිසියේ අවධානයට ලක් වී ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

ඉම්රාන්ගේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site