IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උතුරු සුලවේසී ප්‍රාන්තයට අයත්, සැංගී දූපත් සමූහයේ, කිලෝ මීටර් 4 ක් පමණ පළල එක් කුඩා දූපතකය.

මීටර් 725 ක් උස ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යද්දී මුහුද කැලඹුණු බැවින්, අසල්වැසි දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමට ද ඉන්දුනීසියානු බලධාරීහු පියවර ගත්හ.  ගිනි කන්ද පෙරේදා (16) සිට සෙමින් සෙමින් පුපුරා යෑමට පටන් ගත් බැවින්, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිව සිටි 11,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

දුම් වලා පිටවීමට පටන් ගත් බැවින්, ගිනි කන්දට ඉහළින් ගුවන් ගමන් කටයුතු ද නවතා දැමුණි. ගිනි කන්දෙන් නිකුත් වුණු දුමාරය ඊයේ (17) වනවිට කිලෝ මීටර් ගණනාවක් දුරට පැතිරෙන්න වූ බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේය.

‘රුවන්ග්’ ගිනි කන්ද 1871 වසරේ දී පුපුරා ගියේය. එම අවස්ථාවේදී ගිනි කන්දේ කොටස් මුහුදට කඩා වැටී සුනාමි රළ හටගත්තේය. එම සුනාමි රළවලින් අවට දූපත්වලට හානි සිදුවුණු බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගාසා සමූහ මිනීවල ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ
2024 මැයි මස 01 13 0

ගාසා තීරයේ කාන් යූනිස් නගරයේ රෝහලක් අසලින් හමුවුණු සමූහ මිනීවල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්



මුහුදේ අබිරහස් සිදුරක්
2024 මැයි මස 01 19 0

සාගර පතුළේ අබිරහස් ගැඹුරු සිදුරක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. පරක් තෙරක් නැතැයි පැවැසෙන මෙම සිදුර ඇත්තේ මෙක්සිකෝවේ චෙටුමාල් බොක්කේය.


ලන්ඩන් වැසියන්ට කඩු ප්‍රහාරයක්
2024 මැයි මස 01 10 0

කඩුවකින් කළ පහරදීම් හේතුවෙන් නැගෙනහිර ලන්ඩන් නුවර හදිසි තත්ත්වයක් හටගත්තේය. පොලිසිය පැවැසුවේ කඩු ප්‍රහාරයෙන් කීප දෙනකු තුවාල ලැබූ බවය. පොලිස් නිලධාර


කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට
2024 අප්‍රේල් මස 30 1476 0

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.


නෙදන්යාහුට එරෙහි වරෙන්තු ?
2024 අප්‍රේල් මස 29 253 0

හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට යුද අපරාධ චෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 411 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1820 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1633 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site