ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘතිය, දැනට භාවිතයට ගන්නා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් මර්දනය කළ නොහැකි යැයි සැකයක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
ඉන්දියානුවන්ට මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දෙයි. ඒ, පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවා ඇති ‘කොවැක්සින්’ එන්නතය.
ඉන්දියාවේ ආසාදිතයන් හිටිහැටියේ යළි ඉහළ යමින් පවතින්නේ මෙම ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදය නිසාදැයි යන්න සම්බන්ධයෙන් ඉන්දීය මහජන සෞඛ්‍ය පර්යේෂකයන් අතරේ බියක් සහ සැකයක් පවතී. ඔවුන් අනුමාන කරන්නේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නතට හෝ ‘කොවැක්සින්’ එන්නතට හෝ මෙම නව ද්විත්ව විකෘති ප්‍රභේදය අඩපණ කළ නොහැකි බවය.
“වයිරස විකෘති වෙනවා. එයයි වයිරසවල ස්වභාවය. සියයට සියයක් සාර්ථක එන්නතක් නිපදවීමට හැකියාවක් නැත්තේ ඒ නිසයි. ඉන්දියානුවන් අතරේ පැතිරෙමින් පවතින බව පැවැසෙන්නේ, විකෘතිකරණයට ලක් වුණු වයිරස දෙකක එක්වීමක්. මෙය බිහිසුණු තත්ත්වයක්. ඒත් අසාමාන්‍ය තත්ත්වයක් හෝ පුදුමයට පත්විය යුතු තත්ත්වයක් නොවෙයි. ඉන්දීය විද්‍යාඥයන් මෙම ද්විත්ව විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂණ පවත්වනවා. ද්විත්ව විකෘතිය සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරි දිනවලදී දැනගන්න ලැබේවි’ යැයි ඇමෙරිකාවේ ලුවිසියානා විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ජෙරමි කමිල් පැහැදිලි කර තිබේ.
නවදිල්ලියේදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ කොරෝනා විකෘතිය එන්නත්වලින් අඩපණ කරන්න බෑ