නාසාහිදීය (ඒ.එෆ්.පී.)
මීට මාස 6 කට පෙර, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ඉන්සයිට්’ නමැති රොබෝ ගවේෂණ යානය ග්‍රිනිච් වේලාවෙන් සඳුඳා (26) පැය 1950ට අඟහරු මතට ගොඩබෑමට නියමිතව ඇත.
යානය අඟහරු මත ගොඩබෑම සිදුවන්නේ සියුම් ගණනය කිරීම් අනුවය. ඒ සඳහා විශේෂ පැරැෂූට් කට්ටල යොදා ගැනෙයි. යානය පතිත කිරීම සිදුවන්නේ නාසා විද්‍යාඥයන් විසින් කලින් තෝරා ගනු ලැබ ඇති විශේෂ ස්ථානයකටය.
‘ඉන්සයිට්’ රොබෝ යානයේ මූලික අරමුණ අඟහරු පෘෂ්ඨය සිදුරු කර, පාෂණ ස්ථර ගවේෂණය සහ අඟහරු මතුපිට හටගන්නා භූ කම්පන ගැන අධ්‍යයනය කිරීමය. ලබා ගන්නා දත්ත රේඩියෝ සංඥා ලෙස පෘථිවි විද්‍යාඥයන් වෙත ලැබෙන්න සලස්වයි.
ඉන්සයිට් ගවේෂණ යානය අඟහරු පොළොව හාරා ලබා ගන්නා දත්ත මගින් අඟහරු ග්‍රහයා නිර්මාණය වූ හැටි සහ අඟහරු ග්‍රහයාගේ පරිණාමය පමණක් නොව අඟහරු, පෘථිවිය, සිකුරු, බුද වැනි පාෂාණමය ග්‍රහයන්ගේ පැවැත්ව සම්බන්ධයෙන් ද රහස් රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉන්සයිට් යානය පෘථිවියෙන් පිටත්ව අඟහරු බලා ගියේ පසුගිය මැයි මාසයේදීය. ඉන්සයිට් රැගත් ඇට්ලස් රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ කැලිෆෝනියාවේ ගගන කඳවුරෙනි. අඟහරු මතුපිට කැණීම් සිදු කරන ඉන්සයිට් යානයේ බර කිලෝ ග්‍රෑම් 360කි. එහි දිග මීටර් 6 ක් වන අතර පළල මීටර් 1.5ක් යැයි නාසා ආයතනය කියයි.
මෙම සම්පූර්ණ වැඩසටහනේ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 993ක් බව පැවසේ.
‘රෝවර්ස්’, ‘ඕබිටර්ස්’ සහ ‘ප්‍රෝබ්ස්’ යන අභ්‍යවකාශ යානා යොදා ගනිමින් ලොවපුරා විවිධ අභ්‍යාවකාශ ආයතන අවස්ථා 43කදී අඟහරු වෙත ළඟවීමට උත්සාහ කළ ද ඒ සියලු උත්සහයන් අසාර්ථක විය.

2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඉන්සයිට්’ අඟහරු මතට
minisa Tuesday, 27 November 2018 08:56 AM
43 වතාවක් බොඳ වී ගිය සිහිනය අද සැබෑ කරගෙන ඇත. මිනිස් වර්ගයාගේ නොපසුබස්නා උත්සාහය කෙදිනක හෝ ජය ලබන බවට මීටත් වඩා සාක්ෂි කුමටද? මේ සියවස ගෙවෙන්නට පෙර අඟහරු මත මිනිස් ජනාවාස ඉදි වීම අනිවාර්යයෙන් සිදුවනු ඇත. අඟහරු මත අර්තාපල් වැවිය හැකි බව මේ වන විටද ඔප්පු කර හමාරය.
gaminiWednesday, 28 November 2018 03:23 AM
මිට කලින් කියුරිඔසිට්, පාත්ෆෛන්ඩර් වගේ රොබෝ යානා අගහරු වලට ගොඩ බැස්සුවා. එවාඉන් එවපු video ඒ දවස් වල නිතරම රුපවහිනියේත් ගියා. අර්තාපල් වවන සිද්දිය තියෙන්නේනම් චිත්රපටියක එක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් නෙමෙයි.