අප්‍රිකාවේ බොක්ස්බර්ග් නමැති නගරයේ ඉන්ධන බවුසරයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 50 කට වැඩිය. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පුපුරා ගියේ එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) ලීටර් 60,000 ක් ප්‍රවාහනය කරන්න වූ බවුසරයක් බව පැවැසෙයි. බවුසරය පාලමක් යටින් ගමන් කරද්දි එය පාලම යට සිරවී තිබේ. ඒ එරට වේලාවෙන් උදෑසන 6.30 ට පමණය.
පාලමේ උස බවුසරයක් යෑමට තරම් ප්‍රමාණවත් නොවුණු අතර රියදුරා බවුසරය ධාවනය කර ඇත්තේ පාලම පිහිටි උස ගැන නොදැන්වුත්වය. ඒ අනුව, ඉහළින් පාලමේ ගැටුණු බවුසරය සිරවී ගිනි ගන්න විය.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් වහා කැඳවිණි. පිපිරීම සිදුවී ඇත්තේ ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටිද්දී යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සිදුවුණු පිපිරීමෙන් පාලමටත්, අසල්වැසි නිවාස සහ ගොඩනැගිලිවලටත් හානි සිදුවිය. එම ස්ථානයේ රෝහලක් තිබුණු බවත් ඊට ද හානි සිදුවුණු බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් අතර රියදුරු සිටින බව පැවැසෙයි. තුවාල ලැබූවන් අතර ගිනි නිවන හමුදා භටයෝ හය දෙනෙක් ද වෙති.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන බවුසරයක් පිපිරී 10 ක් මරුට