
විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ.
විදේශවලින් ගල් අඟුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීමට පවතින මුදල් හිඟය හේතුවෙන් ගෘහ සහ කර්මාන්ත සඳහා විදුලිය කප්පාදු කිරීමට සිදුවී ඇතැයි නව රජය පවසා තිබේ.
පාකිස්තානය තෙල්, ගල් අගුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීම කළේ යුක්රේනයෙනි. කෙසේ නමුත්, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ ගැටලු මතු වී ඇත.
පාකිස්තානයේ බලශක්ති පිරිවැය පෙබරවාරියෙන් අවසන් වූ මාස නවය ඇතුළත ඇමෙරිකන් ඩොලර් බිලියන 15 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, අමතර නැව්ගත ගාස්තු සඳහා මුදල් ගෙවීමට පාකිස්තානයට හැකියාවක් නැතැයි ද පැවැසෙයි.
මෙගාවොට් 3,500 ක විදුලිය ධාරිතාවක්, පාකිස්තාන විදුලිය බල පද්ධතියට එක් කරන ප්‍රධාන විදුලි බලාගාර අකර්මණ්‍ය වී ඇති බවත්, එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 13 වැනිදා බවත් පාකිස්තානයේ නව මුදල් ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පවසා තිබේ. පාකිස්තාන නව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ මිෆ්තා ස්මයිල්ය.
ඉම්රාන් ඛාන් දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වී නව රජයක් පිහිටුවූයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.
ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙපරා දැමීමට, ෂෙහ්බාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට පාකිස්තානයේ තවත් ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂයක් වන පාකිස්තාන ජනතා පක්ෂයේ ද සහාය ලැබුණි.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නොව, ජනතා පක්ෂයේ සාමාජිකයන්ට ද ඇමැති ධුර ලබා දීමට ෂෙහ්බාස් ෂරීෆ් කටයුතු කළේය.
ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ, රටේ ආර්ථික අර්බුදයට ඉම්රාන් ඛාන් වගකිවයුතු බව චෝදනා නගමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන ගන්න සල්ලි නෑ: පාකිස්තානයේ විදුලිය කැපේ
කමල් Tuesday, 19 April 2022 01:32 PM
යාන්තං ආණ්ඩුවට උත්තරයක් හම්බවුනා.
ජනයා Tuesday, 19 April 2022 01:56 PM
වැඩි පොලියට චීනෙන් ණය ගන්න එක හොදයි කියන අය ඉස්සරහට ඇවිත් මූණ පෙන්නන්න බලන්න.
Praneeth Tuesday, 19 April 2022 03:13 PM
අපේ වගේ තමයි...
M.O.A.Csreem Tuesday, 19 April 2022 10:25 PM
ජේ. ආර්. ගේ රන්දෙනිගල සහ අනිකුත් විදුලි බලාගාර නැතොත් අද? ම.රා අවුරුදු 27ක් මේ රට කෑව. රට බංකොළොත් !!! කයිවාරු නැතුව වැඩ කරන්ඩ