ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැදිහත් වී, දෙරට අතර නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබූහ.
ඉන්දියාවත් ඕස්ට්‍රේලියාවත් අතර අත්සන් තැබුණු ඉතා පුළුල් වැදගත් සහයෝගීතා ගිවිසුමක් ලෙස මෙය සැලකෙයි.
ඉන්දියා-ඕස්ට්‍රේලියාව ආර්ථික සහයෝගිතා සහ වෙළෙඳ ගිවිසුම යන නමින් හැඳින්වෙන මෙය අත්සන් කිරීමට ඉන්දීය අග්‍රාමාක්‍ය මෝදි සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එකිනෙකා හමුවූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
ඉන්දිය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයා සහ ඕස්ට්‍රේලියානු මුදල් අමාත්‍ය ඩෑන් ටෙහාන් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකිනෙකා හමුවෙමින්, අදාල ගිවිසුම් සඳහා අත්සන් කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම මහා පරිමාණයේ ගිවිසුමට අත්සන් තැබීමට දෙරටේ නායකයන් කටයුතු කළේ කෙටි කාලීනව පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව යැයි ද පැවැසෙයි.
'මෙය අපගේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ඓතිහාසික මොහොතක්. මෙම ගිවිසුමේ පදනම මත එක්ව, සැපයුම් දාම තවත් ශක්තිමත් කිරීම සහ වැඩි කිරීමටත්, ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වයට දායක වීමටත් හැකියාව ලැබෙනු ඇත.' යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දු ඕස්ට්‍රේලියා ආර්ථික වෙළෙඳ සහයෝගීතාවක්