IMG-LOGO

ඉන්දු ඇමෙරිකා රාජ්‍ය තාත්ත්‍රික හමුවක්

ඉන්දු සහ ඇමෙරිකානු විදේශීය සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

නිශ්චිත දින තවමත් සැලසුම් කර ඇති බවත් කෙසේ නමුත් ලබන නොවැම්බර් මාසයේ දී දෙරටේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ඉකුත් සිකුරාදා පැවැසීය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් දින තුනක ඇමෙරිකානු සංචාරය අවසන් කරමින් පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් එම අදහස් පළ කළේ ය.

සිය ඇමෙරිකානු සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ජෝ බයිඩන් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී සාකච්ඡා කර අතර ඒ අතරවාරයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමු වී සාකච්ඡා පැවැත්වීය.

අවසන් වරට මේ ආකාරයේ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි.

මේ අනුව ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඇමෙරිකානු ඒ මට්ටමේ නිලධාරීන් දෙදෙනා වන රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හමු වී සාකච්ඡා පැවැත්වීම නියමිත ය.

ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉන්දු-ඇමෙරිකානු ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.

(ඒ.එෆ්.පී)



අදහස් (1)

ඉන්දු ඇමෙරිකා රාජ්‍ය තාත්ත්‍රික හමුවක්

chandima Tuesday, 14 September 2021 10:51 PM

හුනා කියනවා වගේ කියන්නම් එක්කෝ ඇමරිකාවට වැඩේ දෙන්න නැත්නම් ලංකාවට වැඩේ දෙන්න ඔය ලෑස්තිවෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 368 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 181 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1871 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site