IMG-LOGO

ඉන්දීය හිරු ගවේෂණ යානය පෘථිවියෙන් යයි

(ලුසිත ජයමාන්න)

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණය සඳහා නිපදවූ 'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය රැගත් ඉන්දියාවේ PSLV රොකට්ටුව, සාර්ථකව මීට සුළු මොහොතකට පෙර, උඩු ගුවන බලා පිටත්ව ගියේය.

රොකට්ටුව උඩු ගුවනට යද්දී අදියරෙන් අදියර එහි කොටස් කැඩී වෙන්වෙයි. අවසානයේ පෘථිවි කක්ෂයට යනු ඇත්තේ  'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය රැගත් රොකට්ටුවේ මුදුනය. කැඩී වෙන්වන රොකට් කැබලි වැටෙන්නේ සාගරයටය.

පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදා හරින රොබෝ යානය, දින 125 ක දුර ගමක යෙදෙයි. ඒ, හිරු සහ පෘථිවිය අසල ඇති, තාරකා වනිද්‍යාඥයන් විසින් 'ලග්‍රාන්ජ් පොයින්ට්' Lagrangian Point 1 (L1) යන නමින් හඳුන්වන ස්ථානය බලාය. රොබෝ යානය මෙම ස්ථානයේ රැඳවෙයි. විසින් 'ලග්‍රාන්ජ් පොයින්ට්' ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.

'ආධිත්‍යා Aditya L1' යානය හිරු ගවේෂණය කරමින්, හිරුගේ ඡායාරූප ගැනීම සිදු කරයි.  ඉන්දීය විද්‍යාඥයන් පවසන්නේ 'ආධිත්‍යා Aditya L1'  දිනකට පෘථිවියට එවීමට නියමිත හිරුගේ ඡායාරූප ගණන 1,440 ක් බවය.



අදහස් (0)

ඉන්දීය හිරු ගවේෂණ යානය පෘථිවියෙන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site