IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය හමුදාපති විශ‍්‍රාම යයි

ඉන්දීය රජය සමඟ අර්බුදයකට පැටැලී සිටි එරට හමුදාපති ජනරාල් විජේ කුමාර් සිං ඊයේ (31) සිය ධුරයෙන් විශ‍්‍රාම ගත්තේය. ජනරාල් සිං (62) හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම ගත්තේ ඔහුගේ ධුර කාලය අවසන්වීම නිසාය. ඉන්දීය රාජ්‍ය සේවා නිලධාරීහු වයස අවුරුදු 62 දී විශ‍්‍රාම යැවෙති. ධුර කාලය තවත් වසරක් දීර්ඝ කර ගැනීමට ඉකුත් ජනවාරි මාසයේ දී සිං උත්සාහ කළ ද එය අසාර්ථක විය. රජයේ වාර්තාවල දැක්වෙන පරිදි ජනරාල් සිංගේ උපන් දිනය සිදුවී ඇත්තේ 1950 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එහෙත් සිං කියා සිටින්නේ ඔහුගේ උපන් දිනය වැරදි ලෙස සටහන් වී ඇති බවත් ඔහු උපන්නේ 1951 වසරේ නොවැම්බර් 10 වැනිදා බවත්ය. මේ සම්බන්ධයෙන් ඔහු හමුදාවට ඇතුළත් වූ දිනයේ සිට අදාළ බලධාරීන් දැනුම්වත් කළ නමුත් එම වරද නිවැරදි නොවූ බව පවසමින් සිං ඉන්දීය රජයට එරෙහිව නඩු මඟට බැස්සේය. ජනරාල්වරයා ඉන්දීය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ලබන වසර වන තෙක් ඔහුට ධුරයේ රැඳී සිටීමට අවසර දෙන ලෙසය. අධිකරණය එම පෙත්සම නිෂ්ප‍්‍රභ කළේය. හමුදාපතිවරයාත් ඉන්දීය රජයත් අතර හොඳ හිත පළුඳු වූයේ එම සිදුවීමෙන් පසුවය. මීට මාසයකට පමණ පෙර හමුදාපතිවරයා හමුදාවේ අඩුපාඩුකම් පිළිබඳ අගමැති මන්මෝහන් සිංට යැවූ රහස් ලිපියක් මාධ්‍යවලට නිකුත් වී ප‍්‍රසිද්ධ වීමෙන් ද අර්බුදයක් හට ගත්තේය. හමුදාපති සිං



අදහස් (0)

ඉන්දීය හමුදාපති විශ‍්‍රාම යයි

තෙපානිස් Saturday, 02 June 2012 11:01 PM

ඉතින් අපිට මොකද?

:       0       0

සංජු Saturday, 02 June 2012 09:05 AM

නිලයට බලයට කෑදරේ කෙනෙක්..

:       0       0

saman kumara Saturday, 02 June 2012 10:27 AM

ෆොන්සේකා වගේ කෙනෙක්

:       0       0

සමන් Saturday, 02 June 2012 10:33 AM

ෆොන්සේකා මහත්තය වගේ කෙනෙක්

:       0       0

අංජන Friday, 01 June 2012 11:43 AM

මේ ජෙනරාල් තුමත් දේශපාලනයට එයිද දන්නෑ....

:       0       0

වත්සලා Saturday, 02 June 2012 02:19 PM

" අපේ අසල්වැසියොනේ . අඩු වැඩි ලෙස තියෙන්නේ එකම පුරුදු තමයි..හැබැයි ආවොත් පන්නන්න බැරි ජාතියක් "

:       0       0

සකලබුජන් Saturday, 02 June 2012 03:10 PM

මහ ඇමතිකමක්වත් ඉල්ලයිද ?

:       0       0

අචිනි Saturday, 02 June 2012 03:36 PM

මෙහේ වගේ හිරේට යන්න වෙයිද දන්නෑ නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site