ඉන්දීය හමුදාපතිගේ උපන් දිනය සම්බන්ධයෙන් හට ගත් ආරවුල අධිකරණය හමුවට යෑම ලැජ්ජාවට කරුණක් යැයි ඉන්දීය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති පලාම් රාජු පවසයි. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා මේ බව කියා සිටියේ සී.එන්.එන්./අයි.බී.එන්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඉන්දීය රාජ්‍ය සේවා නිලධාරීහු වයස අවුරුදු 62 දී විශ‍්‍රාම යැවෙති. රජයේ වාර්තාවල දැක්වෙන පරිදි හමුදාපති ජනරාල් වී.කේ. සිංගේ උපන් දිනය 1950 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එම නිසා මේ වසරේ මැයි මාසයේදී ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් විය යුතුය. එහෙත් ජනරාල් සිං පවසන්නේ රජයේ වාර්තා වැරදි බවත් ඔහුගේ උපත 1950 වසරේ නොවැම්බර් 10 වැනිදා සිදුවූ බවත්ය. ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත. ඔහු එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළේ ඉකුත් සඳුදා (16) ය. ජනරාල් සිං අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ලබන වසර වන තෙක් ඔහුට ධුරයේ රැඳී සිටීමට අවසර දෙන ලෙසය. ජනරාල් සිං ඔහුගේ උපන්දිනය වැරදි බව මීට පෙර අවස්ථා දෙකකදී ආරක්ෂක අමත්‍යාංශයට දැනුම් දී තිබේ. එහෙත් එම අවස්ථා දෙකෙහිදීම ආරක්ෂක අමත්‍යාංශයෙන් ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ඔහුට නොලැබිණි. මේ අතර ජනරාල්වරයා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් පවසන ඉන්දීය රජය, නඩු මගට යෑමට තමන් පසුබට නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයට ද කරුණු ඉදිරිපත් කර ඇත. රජය ඉදිරිපත් කරන තර්කවලට කන් නොදී තීන්දුවක් ලබා නොදෙන්නැයි ද ඉන්දීය රජය, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය හමුදාපතිගේ උපන්දින අවුල: අධිකරණය හමුවට යෑම ලැජ්ජාවක්