IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ගිය, පාකිස්තාක අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

චීනයේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුව  (15) සහ (16) දෙදින ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සාමාජිකයන්ය. මෙවර සමුළුවේ සත්කාරකරු වන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය.

සමුළුවට පැමිණි විදෙස් රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවර ලොක්ඩවුන් කෙරුණි. විශේෂ පොලිස් සහ හමුදා බලඇණි අගනුවර ආරක්ෂාවට යෙදවිණි. සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් ද සහභාගී විය.

සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් රාත්‍රියේ පැවැත්වුණු අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඊට සහභාගී විය. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, අතට අත දී, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගත් අතර, දෙදෙනා අතරේ තත්පර 20 ක සුහද වචන කීපයක් හුවමාරු විය.

ඉන්දීය රජයේ අමාත්‍යවරයකු මේ අයුරින් පාකිස්තානයට පැමිණියේ වසර 10 කට පමණ පසුවය. මීට පෙර, විදේශ අමාත්‍යවරියක ලෙස කටයුතු කළ සුෂ්මා ස්වරාජ් පාකිස්තානයට පැමිණියාය. ඒ, 2015 වසරේදීය. ස්වරාජ් පාකිස්තානයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ අනාගතය වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු ජගත් සමුළුවට සහභාගී වීම සඳහාය.

සුෂ්මා ස්වරාජ් ඉන්දීය විදේශ ඇමැතිනිය ලෙස එම ධුරය හොබවද්දී, විදේශ ලේකම් ලෙස කටයුතු කළේ ජයිශංකර්ය. එදා ද ජයිශංකර්, සුෂ්මා ස්වරාජ් සමඟ පාකිස්තානයට පැමිණියේය.

ඉන්දු පාකිස්තාන විරසකය පවතින්නේ දේශසීමා අර්බුද මුල්කොට ගනිමිනි. ඉන්දියාව අස්ථාවර කිරීමට, පාකිස්තානය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවට ඉන්දියාය චෝදනා නගයි. 2015 වසරේදීත් 2016 වසරේදීත් ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට පුහුණුව දුන්නේත් අනුග්‍රහය දැක්වූයේත් පාකිස්තාන රජය සහ එරට අයි.එස්. බුද්ධි අංශය යැයි චෝදනා එල්ල වී ඇත.



අදහස් (0)

ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site