23 හැවිරිදි ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු රාම් සිං නමැත්තා ඊයේ (11) නවදිල්ලි නුවර රිමාන්ඞ් බාරයේ පසුවෙද්දී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
රාම් සිං දිවි නසා ගත්තේ නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේදී සිටිද්දීය. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව නවදිල්ලි පොලිසිය සහ තිහාර් බන්ධනාගාර බලධාරීහු පවසති.
වෛදන් සිසුවිය සමූහ අතවරයටත් පහර කෑමටත් ලක් වුණේ ඉකුත් දෙසැම්බර් 16 වැනිදා රාති‍්‍රයේ බස් රියක් තුළය. බස්රියේ රියැදුරු වූයේ රාම් සිංය.
සිසුවියට අතවර කිරීමේ සිද්ධියට රාම් සිං ඇතුළු තවත් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහි නඩු විභාගය කඩිනමින් පැවැත්වේ.
එම සැකකකරුවන් අතරින් එක් අයකු 17 හැවිරිදි බාල වයස්කාරයෙකි. ඔහු සම්බන්ධ නඩු විභාගය වෙනම අධිකරණයක් යටතේ පැවැත්වෙයි.
රාම් සිං ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල කළ අවස්ථාවේදී ඔවුන් තරයේ කියා සිටියේ ඔවුන් නිර්දෝෂී කියාය.
වෛද්‍ය සිසුවිය සමූහ අතවරයට ලක් වී දරුණු ලෙස පහර කෑමෙන් සති දෙකකට පසු ජීවිතක්ෂයට පත්වූවාය.
ඇයට අතවර කළ සැකකරුවන් පස් දෙනාට මරණ දඬුවම ඉල්ලා තවමත් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දීය වෛද්‍ය සිසුවියට අතවර කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු දිවිනසා ගනී
සනත් Tuesday, 12 March 2013 03:45 AM
දැක්කාද කරුමය පටිසන් දුන්නා (දී)
කෝලිත Tuesday, 12 March 2013 09:35 PM
මේ මරණය කොහොම සිදුවුණත් වෙලා තියෙන්නේ නම් වියයුතුම දෙයක්. (නි)
භාරත Tuesday, 12 March 2013 09:36 AM
මේ‘අහිංසක ‘ දූෂකයා මළාට නීතිඥ මහත්තුරු හේතු සොයනවාලු නේද? (දී)
රොෂාන් Tuesday, 12 March 2013 10:16 AM
ඔවුන්ට කොහොමත් මරණ දඩුවම දියයුතුයි. (නි)
මලිත් Wednesday, 13 March 2013 08:46 AM
වරදට දඩුවම එයාම දීගෙන (දී)
රජීන්ද්‍ර Tuesday, 12 March 2013 11:50 AM
ඉතා අගනා ක්‍රියාවක් කරගෙන තියෙන්නේ. (නි)
අජිත් Wednesday, 13 March 2013 09:35 AM
කරුමයේ උරුමය මරණයයි. ... නියමයි ! නියමයි ! (ස)