IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය රජයේ දූෂණවලට විරෝධය පෑ බාබා රාම්දේව් පොලිස් අත්අඩංගවේ

ඉන්දීය රජයේ දූෂණ වංචාවලට විරෝධය පළකරමින් දහස් ගණනක් අනුගාමිකයන් ද පිරිවරා ගෙන නවදිල්ලි  පාර්ලිමේන්තුව තෙක් විරෝධතා පෙළපාළියක් යෑමට උත්සහ කළ යෝග ගුරුවරයකු වන බාබා රාම්දේව් පෙරේදා (13) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. බාබා රාම්දේව් ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරව නවදිල්ලි නුවර පිහිටි කී‍්‍රඩාංගනයක් වෙත ගෙන ගිය බවත් එම අවස්ථාවේදී මාර්ගය දෙපස රැස්ව සිටි පිරිස් ‘ඉන්දීය මාතාවට ජයවේවා’ යැයි කියමින් රාම්දේව්ගේ විරෝධතාවට සහාය පළ කර ඇති බවත් වාර්තා වේ. ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය රාම්දේව් තම දේශපාලන අරමුණු සාක්ෂ්‍යාත් කර ගැනීම පිණිස යොදා ගන්නා බවට ඉන්දීය පාලක පක්ෂය චෝදනා කරයි. ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව හඬක් නගන මානව කි‍්‍රයාකාරියකු ලෙස බාබා රාම්දේව් ප‍්‍රකටය. ඔහු ගාන්ධි අනුගාමික අන්නා හසාරේ සමඟ ද ඉන්දීය රජයට එරෙහි විරෝධතා සහ උපවාස පවත්වා ඇත. අගමැති සිංගේ රජය දූෂණ වංචා නැවැත්වීමට අපොහොසත් බවත් ඉන්දියානුවන් සැවොම එක් වී රජයට එරෙහිව නැගී සිටිය යුතු වත් බාබා රම්දේව් පවසයි. රම්දේව් මීට පෙර අවස්ථා කිහිපයකදී ද රජයට එරෙහිව විරෝධතා පෙළපාළි යෑම හේතුවෙන් අත්අඩංගුවට පත් ව ඇත.



අදහස් (0)

ඉන්දීය රජයේ දූෂණවලට විරෝධය පෑ බාබා රාම්දේව් පොලිස් අත්අඩංගවේ

මධු Wednesday, 15 August 2012 12:47 PM

ලංකාවේ නම් කිහිප වරක් විරෝධතා තියන්න බැහැ. දෙවන වතාවේ සුදු වෑන් එනවා. ඇවිත් ඉතිං? (නි)

:       0       0

ද සිල්වා Wednesday, 15 August 2012 04:06 PM

ඔය බබාට ලංකාවට ආවා නම් ඉන්දියන් ආණ්ඩුවට විරුද්දව විරෝධයක් තියලා සමුළුවකුත් මෙහේ බබාලත් එක්ක කිසිම කරදරයක් නැතුව පවත්වන්න තිබුනණේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site