IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දීය රජයට දිගටම විරෝධතා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආණ්ඩුව, හමුදාවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් හඳුන්වා දී තිබෙන නව ක්‍රමවේදය හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයකම නොසන්සුන්තා ඇති වී තිබේ.

දැනට හමුදාවලට බඳවා ගන්නා සාමාන්‍ය වයස තවදුරටත් අඩු කරමින් අවුරුදු හතරක නව කෝන්ත්‍රාත් කාලයක් ඇති යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට මෝදි ආණ්ඩුව පියවර ගෙන තිබේ.

මෙම යෝජනා ක්‍රමය “අග්නි මාවත” (අග්නිපත් - path of fire) යනුවෙන් නම් කර තිබේ.

හමුදාවලට වැඩි වැඩියෙන් පිරිස් බඳවා ගැනීමේ අරමුණින් මෙම යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ. ඉන්දීය හමුදාවේ සෙබළ ශක්තිය මිලියන 1.38කි.

ඉන්දීය හමුදාව වඩාත් නූතන සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම සැලැස්ම ඉදිරිපත් කළ බව මේ සම්බන්ධයෙන් එන්.ඩී.ටීවී. ප්‍රවෘත්ති නාලිකාවට අදහස් දක්වමින් එරට හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වන ලුතිනන් ජෙනරාල් අනිල් පූරි පැවැසීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආණ්ඩුවේ මෙම යෝජනාව හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට නොසන්සුන්තා ඇති වී තිබේ.

ඉන්දියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි බිහාර් ප්‍රාන්තයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අතර විරෝධතාකරුවන් පොදු දේපළවලට හානි කළ බව වාර්තා විය. ඇතැම් පිරිස් දුම්රිය ස්ථානවල කාර්යාල කොල්ල කෑ බව වාර්තා විය.

ආණ්ඩුවේ සැලැස්ම ඉවත් කරගන්නැයි විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී තිබේ.

මෙම නව ක්‍රමවේදය තුළින් වැඩි වෙමින් තිබෙන විශ්‍රාමික වැටුප් වියදම් සීමා කරගැනීමට හැකියාව ලැබෙන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. කෙසේ නමුත් මෙම නව සැලැස්ම මඟින් ආරක්ෂක අංශවල නිත්‍ය රැකියා අවස්ථා සීමා වන බවත් එමඟින් වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභවලට තිබෙන අවස්ථා සීමා වන බවත් විපක්ෂ කණ්ඩායම් පෙන්වා දී තිබේ.

විරෝධතාවලට එක් වූ දහස් ගණන් තරුණ පිරිස් දුම්රිය මැදිරිවලට පහර දෙමින්, ටයර්වලට ගිනි තැබූහ. ඇතැම් පිරිස් දුම්රිය ස්ථානවල සිටි නිලධාරීන් සමඟ ගැටුණු බව ද වාර්තා විය. බිහාර් දුම්රිය ස්ථානයකින් එවැනි ගැටුමක් පිළිබඳව ද වාර්තා විය.

බිහාර් යනු ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තවලින් එකකි.

මෙම නොසන්සුන් තත්ත්වය හේතුවෙන් රට පුරා දුම්රිය ගමන් 369 නැවැත්වීමට බලධාරීහු පියවර ගත්හ. විශේෂයෙන්ම කලබලකාරී ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුම්රිය ගමන් වාර මෙලෙස අවලංගු කර තිබේ.

විරෝධතාකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිවුදෙනකු පමණ තුවාල ලබා ඇති බවත් බිහාර් ප්‍රාන්තයේ නීතිය හා සාමය කටයුතු බාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වන සන්ජේ සිංහ් රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.

“මසෞරි දුම්රිය ස්ථානයට 2,000ත් 2,500ත් අතර පිරිසක් කඩා වැදුණා. ඔවුන් දුම්රිය ස්ථානයටත් ආරක්ෂක අංශවලටත් පහර දුන්නා” යැයි සිං පැවැසීය.

ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ද විරෝධතා ආරම්භ වී තිබේ. එම ප්‍රාන්තයේ පමණක් අත්අඩංගුවට පත්වී ඇති ගණන 250කට ආසන්න වේ. ගෙවුණු සතියේ විරෝධතා අතරවාරයේ දී එක් පුද්ගලයෙක් මරණයට ද පත්විය.

මේ අතර පොලිසිය සීමාව ඉක්මවා බලය භාවිත කරන බවට ඇතැම් විරෝධතාකරුවෝ චෝදනා කළහ. 

(රොයිටර්)



අදහස් (0)

ඉන්දීය රජයට දිගටම විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site