IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව වීදි බසිති

මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින් ඉන්දියාවේ මුස්ලිම් තරුණ තරුණියන් නගර රැසක විරෝධතා ආරම්භ කර තිබේ.

පසුගිය සිකුරාදා (10) ඉන්දියාවේ නැගෙනහිර ජර්කාන්ද් ප්‍රාන්තයේ රාන්චි නගරයේ පැවැති විරෝධතාවකට පොලිසිය පහර දුන් අතර එයින් අවුරුදු 14 ත් 19 ත් වයස්වල මුස්ලිම් තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

විරෝධතා පැවැත්වෙන්නේ මහම්මත්තුමාට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් වන නුපූර් ෂර්හා සහ නවීන් ජින්දාල් අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මධ්‍යම රජයට බල කරමිණි.

මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ නුපූර් ෂර්හා භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශිකාවක වූ අතර නවීන් ජින්දාල් පක්ෂයේ නායකයකු ලෙස කටයුතු කළේය.

මහම්මත්තුමාට අපහාස කළේ යැයි ජාත්‍යන්තරයෙන් ද මොවුන් දෙදෙනාට දැඩි විරෝධයක් එල්ල විය. මෙම සිදුවීම මුල්කොට ගනිමින් සෞදිය, කටාර් රාජ්‍යය, එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානය ද අග්‍රාමාත්‍ය මෝදිට ඔවුන්ගේ විරෝධය සහ අප්‍රසාදය පළ කර තිබේ. ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් නුපූර් ෂර්හා සහ අතර නවීන් ජින්දාල් ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දැමීමට භාරතීය ජනතා පක්ෂය කටයුතු කළේය. කෙසේ නමුත්, ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව මධ්‍යම රජයට බල කර ඇත්තේ ඔවුන් දෙදෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙසය.

'අප ඝාතනය කරන්න කමක් නැහැ. ඒත් මහම්මත්තුමාට අපහාස කරනු එපා' යනුවෙන් විරෝධතා පුවරු රැගත් විරෝධතා රැලි රැසක් ඊයේ (11) ද ඉන්දියාවේ ප්‍රධාන නගරවල පැවැත්විණි. මේ අතර, අසල්වැසි පාකිස්තානයේත්, බංග්ලාදේශයේත් ඉන්දීය රජයට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site