IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය දේශපාලන පක්ෂවලට දඩ නියම වෙයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයකට දඩ නියම කළේය. ඒ, එම පක්ෂ, ඔවුන්ගේ අපේක්ෂකයන්ට එරෙහිව පවතින අපරාධ නඩු ප්‍රසිද්ධියට පත් නොකිරීම හේතුවෙනි.

ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් ද, භාරතීය ජනතා පක්ෂයට, කොංග්‍රස් පක්ෂයට, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට, බහුජාන් සමාජ් පක්ෂයට සහ එක්සත් ජනතා දාල් පක්ෂයට ඉන්දීය රුපියල් ලක්ෂය බැගින් ද මෙසේ දඩ නියම කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සෑම පක්ෂයක්ම, එම පක්ෂයේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් අපරාධ නඩු පවතින්නේ නම්, ඊට අදාළ සියලු විස්තර, පක්ෂ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එසේ කළ යුත්තේ නාම යෝජනා ඉදිරිපත් වී සතියක් හෝ දෙකක් ප්‍රමාද වී නොව, නාම යෝජනා බාර දී පැය 48 ක් ගත වීමට පෙර බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මීට අමතරව, මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අපරාධ නඩු පවතින්නේ නම්, අදාළ මහාධිකරණයේ නියෝගයකින් තොරව, එම අපරාධ නඩු අහෝසි කිරීමට කිසිදු අවසරයක් නොමැති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.

අධිකරණය හමුවේ වරදකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජීවිතාන්තය තෙක් මැතිවරණවලට සහභාගී වීමට අවසර ලබා නොදෙන්නැයි නියෝග කරන ලෙස ඉල්ලමින්, නීතිඥ අශ්විනි කුමාර් උපාද්‍යාය විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව පැහැදිලි කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

ඉන්දීය දේශපාලන පක්ෂවලට දඩ නියම වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site