IMG-LOGO

ඉන්දීය කෝවිලක තෙරපීමකින් 12 ක් මරුට

ඉන්දු කාශ්මීරයේ හින්දු කෝවිලක බැතිමතුන් අතරේ සිදුවුණු තෙරපීමකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් අල් ජසීරා පුවත් සේවය පවසයි.

තෙරපීම සිදුවුණු බව පැවැසෙන්නේ ඉන්දියානු පාලන යටතේ පවතින කාශ්මීරයේ කදු මුදුනක පිහිටි 'මාතා වෛෂ්නෝ දේවි' කෝවිලේ යැයි පැවැසෙයි. උතුරු දිග ඉන්දියාවේ ප්‍රකට හින්දු කෝවිලක් ලෙස මෙය සැලකෙයි.

තෙරපීම සිදුවූයේ නව අවුරුදු උදාව වෙනුවෙන් පැවැති පූජාවක් අතරතුරේය. දස දහස් ගණනක් බැතිමතුන් එම අවස්ථාවේදී කෝවිල භූමියට රැස්ව සිටි බව ද පැවැසෙයි. තෙරපීම සිදුවී ඇත්තේ අද (1) අලුයම 2.45 ට පමණය.

සිද්ධිය සැලවීමෙන් තමන් මහත් සේ කම්පාවට පත්වුණු බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ට්විටර් පණිවුඩයකින් දැනුම් දුන්නේය. බැතිමතුන්ගේ ජීවිත අහිමිවීම ඉතාමත් කනගාටුවට කරුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුම හරහා පැවැසීය.

(අල් ජසීරා)



අදහස් (1)

ඉන්දීය කෝවිලක තෙරපීමකින් 12 ක් මරුට

sam Monday, 03 January 2022 10:05 AM

අයියෝ අපේ රටේ සුනාමි හොරයි උගේ පවුලේ ,ඥානක්කා පස්සේ යන සෙට් එකයි මේකට අහු උනානම් ලෝකෙම සන්තෝස වෙයි,කිසි කෙනෙක් දුක් වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 290 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1798 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site