IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ උප නායකයා රාහුල් ගාන්ධි

ඉන්දියාවේ පාලක කොංග‍්‍රස් පක්ෂයේ උප නායක ධුරය පෙරේදා (19) රාහුල් ගාන්ධිට හිමිවිය. ඒ අනුව ගාන්ධි නේරු පරපුරට සම්බන්ධ 42 හැවිරිදි රාහුල් ගාන්ධි, 2014 වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කොංග‍්‍රස් පක්ෂ අපේක්ෂකයා ලෙස අගමැති ධුරය වෙනුවෙන් සටන් වදිනු ඇත.
කොංග‍්‍රස් පක්ෂ සභාපති ජනර්දන් ජිවේඩි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ උප නායක ධුරය රාහුල් ගාන්ධිට පිරිනැමීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඒකමතිකව තීරණය කළ බවය.
කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වය හොබවන්නේ රාහුල්ගේ මව සෝනියාය. ජිවේඩි වැඩි දුරටත් කියා සිටියේ රාහුල් පක්ෂයේ දෙවැනි නායකයා යනුවෙනි.
2004 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොංග‍්‍රස් පක්ෂය ජයග‍්‍රහණය කර, සන්ධාන රජය පිහිටුවූ අවස්ථාවේදී සෝනියා ගාන්ධි විසින් අගමැති ධුරයට පත් කරනු ලැබුවේ අගමැති මන්හෝමන් සිංය. අගමැති සිංගේ ධුර කාලය ලබන වසරෙන් අවසන් වෙයි.
අගමැති ධුරයට බාර ගැනීමට නම් රාහුල් ගාන්ධි ඊට සුදුස්සකු යැයි කි‍්‍රයාවෙන් ඔප්පු කළ යුතු බවත් වැඩි වැඩියෙන් වගකීම් බාරගෙන කටයුතු කළ යුතු බවත් ඉන්දීය ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය පවසයි.
2014 වසරේ මැතිවරණයේදී රාහුල්ට සටන් කිරීමට සිදුවනු ඇත්තේ නරේන්ද්‍ර මෝඩි සමඟය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මෝඩි දීර්ඝ කාලයක් තිස්සේ ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ධුරය හොබවයි. 2001 වසරේ මහ ඇමැති ධුරයට පත් වූ ඔහු පිටපිට තෙවරක් ජයග‍්‍රහණය කර ඇත.



අදහස් (0)

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ උප නායකයා රාහුල් ගාන්ධි

ගාමිණි Wednesday, 23 January 2013 10:19 PM

කැපිලිකාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න. (නි)

:       0       0

ද සිල්වා Monday, 21 January 2013 03:10 PM

කරන දෙයක් පරිස්සමින්. (නි)

:       0       0

සහීර් Monday, 21 January 2013 04:44 PM

ඉන්දියාවට හොද කාලයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1745 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1439 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site