IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දීය කොංග්‍රසයට නව නායකයෙක්

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කෙංග්‍රස් පක්ෂයේ නව නායකයා ලෙස 80 හැවිරිදි මල්ලිකර්ජුන් කාර්ගේ තෝරා පත් කර ගැනීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කර ඇත.

මල්ලිකර්ජුන් කාර්ගේ කොංග්‍රස් පක්ෂ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු කොංග්‍රස් පක්ෂ රජය යටතේ අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත.

කොංග්‍රස් පක්ෂ නායකත්වය ගාන්ධි පවුලට සම්බන්ධයක් නොමැති පක්ෂ සාමාජකයකුට හිමිවුණේ වසර 24 කට පසුවය. මල්ලිකර්ජුන් කාර්ගේ දාලිත් කුලයේ සාමාජිකයෙකි. කොංග්‍රස් පක්ෂ නායකත්වයට දාලිත් සාමාජිකයකු පත් කරගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මල්ලිකර්ජුන් කාර්ගේ පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ පක්ෂ නායකත්වය හොබවමින් සිටි සෝනියා ගාන්ධි එම ධුරයෙන් ඉවත් වෙයි. සෝනියා ගාන්ධි පක්ෂ නායකත්වය දරන්න වූයේ සුදුස්සකු ඒ සඳහා පත් කරගන්නා තුරුය.

සෝනියා ගාන්ධිගේ පුතු රාහුල් ගාන්ධි ද පක්ෂ නායකත්වය හෙබවූ නමුත්, පසුගිය කාලයේ කොංග්‍රස් පක්ෂය ලැබූ මැතිවරණ පරාජයත් සමඟ ඔහු ද පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කළේය. රාහුල් ගාන්ධි, කොංග්‍රස් පක්ෂයේ වත්මන් සභාපතිවරයාය.

පසුගිය කාලයේ කොංග්‍රස් පක්ෂය පිටපිට ලැබූ මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින්, කෙංග්‍රස් පක්ෂයට නව නායකයකු අවශ්‍ය යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් ද හඬක් නැගුණි. කෙසේ නමුත්, ගාන්ධි පවුලෙන් පිට සාමාජිකයකුට පක්ෂ නායකත්වය ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ බොහෝ දෙනෙක් අදිමදි කරන්න වූහ.

කෙසේ නමුත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය දිනෙන් දින ශක්තිමත් වීමත් සමඟ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවත් පක්ෂය නව දේශපාලන ගමනකට අවතීර්ණ විය යුතු බවත් පක්ෂ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ බවත් පක්ෂ නායකයන්ගේ අදහස වී තිබුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය කොංග්‍රසයට නව නායකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site