IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දීය එන්නත හිතුවාට වඩා සාර්ථකයි

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමේ 'කොවැක්සින්' එන්නත අපේක්ෂා කළාටත් වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව ඉන්දීය වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

එන්නත, විකෘති කොරෝනා වයිරස ප්‍රභේද අඩපණ කරනවා මෙන්ම, එන්නත ලබා ගෙන සිටිද්දී කොරෝනා ආසාදනය වුවහොත් සංකූලතා අවම කරන බව ද වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

'ඩෙල්ටා' විකෘතියට එරෙහිව ද මෙම එන්නත සුදුසු බව භාරත් බයෝටෙක් සමාගම පවසා ඇත. 'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් ආරම්භ වී මේ වනවිට ලොව රටවල් 100 කට පමණ පැතිර ගොස් ඇති බිහිසුණු වයිරස ප්‍රභේදයයි.

'කොවැක්සින්' යනු සියයට 100 ක් ඉන්දීය තාක්ෂණය යොදා ගනිමින්, ඉන්දීය විද්‍යාඥයන් නිපදවා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය ද මාත්‍රා දෙකකින් සමන්විත. ඇමෙරිකාව ද 'කොවැක්සින්' එන්නත සාර්ථක එන්නතක් බව තහවුරු කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දීය එන්නත හිතුවාට වඩා සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site