IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය උප ජනපති ධූරයට අන්සාරි තේරී පත් වෙයි

ඉන්දීයාවේ 12 වැනි උප ජනාධිපතිවරයා ලෙස හැත්තෑ පස් හැවිරිදි හමීඞ් අන්සාරි මහතා ඊයේ(7) තේරී පත් විය. උප ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡුන්ද විමසීමේදී සමස්ත ඡුන්ද 736න් අන්සාරිට ඡුන්ද 490ක් ලැබුණු අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ජස්වන්ත් සිංට ලැබුණේ ඡන්ද 238කි. ඉකුත් මාසයේදී ඉන්දීය පාලක කොන්ග‍්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ප‍්‍රනාබ් මුඛර්ජි එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව එම පක්ෂය ලබා ගත් දෙවන ජයග‍්‍රහණය ලෙස අන්සාරි උප ජනපති වශයෙන් තේරී පත්වීම සැලකිය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රාජතාන්ත‍්‍රිකයෙකු සහ විද්වතෙකු වන අන්සාරි 2007 වසරේදී උප ජනපති ධූරයට තේරී පත් විය. ඉන්දියාවේ විශිෂ්ට පුරවැසියන්ට හිමි වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ අන්සාරි අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.්‍ හමීඞ් අන්සාරි



අදහස් (0)

ඉන්දීය උප ජනපති ධූරයට අන්සාරි තේරී පත් වෙයි

ෂෙරිෆ් Thursday, 09 August 2012 03:56 PM

සුදුස්සාට සුදුසු තැන..(නු)

:       0       0

මොහොමඩ් Friday, 10 August 2012 09:26 AM

අපෝ මුස්ලිම් කෙනෙක්නේ. (නි)

:       0       0

අසිත් Thursday, 09 August 2012 11:05 AM

මුස්ලිම් එක්කෙනෙක්. ඉක්මණින් ජාතිචාදී ප්‍රතිචාර එවන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site