ජාත්‍යන්තර යෝග දිනය අදට යෙදී ඇත. 'කොවිඩ් 19' වයිරස වසංගතය හමුවේ කායික සහ මානසික සෞඛ්‍යය ශක්තිමත් කර ගැනීමට යෝග ව්‍යායාම ඉවහල් වූ බව ජාත්‍යන්තර යෝග දිනය සමරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමැතුවේය.
අද (21) දිනට යෙදී තිබුණේ හත්වැනි ජාත්‍යන්තර යෝග දිනයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියානුවන් පමණක් නොව, ලොව රටවල් රැසක යෝග දිනය සැමරීම සිදුවිය. ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවය.
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මෙවර ඉන්දියාව සෙසු රටවල් සමඟ යෝග දිනය සැමරීම සිදුවූයේ 'ඔන්ලයින්' ක්‍රමවේදයකට අනුවය.
මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ද ලබා ගැනීමට ඉන්දී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය කටයුතු කර තිබුණි.
'කොරෝනා ව්‍යසනයට රට මුහුණ දෙද්දී, කිසිම කෙනෙකු ඊට සූදානම් වී සිටියේ නැහැ. එවැනි අවස්ථාවක කායික මෙන්ම මානසික ශක්තිය වර්ධනය කර ගැනීමට යෝග ඉවහල් වුණා. ඉදිරිපෙළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාමාජාකයන් පවා මට කීවා ඔවුන්ට වයිරසය සමඟ සටන් කරන්න යෝග මෙවලමක් වුණු බව' යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝග දිනය අරඹමින් ජාතිය ඇමැතූ අවස්ථාවේ පැහැදිලි කළේය. මෙවර යෝග දිනයේ තේමාව වූයේ 'නිරෝගී එක් ලෝකයක්' යන්නය.
ජාත්‍යන්තර යෝග දිනය සැමරීම ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයේදී සිදුවිය. 3,000 කට වැඩි නිව්යෝක් වැසියෝ පිරිසක් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඊට එක් වූහ. සෑම වසරකම, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රයේදී ජාත්‍යන්තර යෝග දිනය සැමරීම සිදුවිය.
මේ වනවිට 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් කර තිබුණු නිව්යෝක් නුවර යළි විවෘත කර තිබේ. ඒ, සෞඛ්‍ය අංශ ලබා දුන් මාර්ගෝපදේශවලට අනුවය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දීය අගමැති මෝදි යෝග දිනය සමරයි