IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාව 73 වැනි ජනරජ දිනය සමරයි

ඉන්දියාව සිය හමුදා ශක්තිය ද ලොවට ප්‍රදර්ශනය කරමින්, 73 වැනි ජනරජ දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරුවේය.

සුපුරුදු පරිදි ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලි අගනුවර රාජ්පාත් කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි.

සැමරුම් උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ ඉන්දියාවේ වේලාවෙන් උදේ 10 ටය.

මේ වනවිට ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ යෑමට පටන්ගෙන ඇති බැවින්, ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී කරවා ගැණුනේ එන්නත් ලබා ගත් පිරිස පමණි.

ඒ අතර, අවුරුදු 15 ට වැඩි, පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා මෙන්ම එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පාසල් දරු දැරියෝ ද වූහ.

හමුදා සොල්දාදුවන්ට අමතරව, සැමරුම් උළෙල අලංකාර කිරීමට, ඉන්දියාව පුරා නර්නත කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් 480 දෙනකු සහභාගී වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

ඉන්දියාව 73 වැනි ජනරජ දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site