ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අත්හැර දමනු ලැබූ පටු ළිඳකට වැටුණු දෙහැවිරිදි පිරිමි දරුවකු බේරාගැනීම සඳහා මේවනවිට දැවැන්ත ජීවිතාරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මෙම ළිඳේ අඩි 68ක් පමණ ගැඹුරේ සුජිත් විල්සන් නැමැති මෙම දරුවා සිරවී සිටින බව බලධාරීහු පවසති.
ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය ඇතුළු මුදවාගැනීමේ කණ්ඩායම් එම ළිඳට සමාන්තරව තවත් ළිඳක් හාරා දරුවා බේරා ගැනීමට අසීරු උත්සාහයක යෙදෙමින් සිටිති.
දරුවා ළිඳට වැටී මේවනවිට දින දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති අතර අමතර ළිඳ කැණීම සඳහා අති නවීන යන්ත්‍රෝපකරණ එම ස්ථානයට ගෙනවිත් ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද දරුවා නිරුප්‍රදිතව සිටින්නේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
(එන්ඩීටීවී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ ළිඳකට වැටුණු දරුවා බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක්
Anu Monday, 28 October 2019 07:23 AM
තුණුරුවන් සරණින් දරුවා රැකදේවා.!
තුෂා Monday, 28 October 2019 10:50 AM
තුණුරුවන් සරණින්, සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන්, මේ පොඩි දරුවාව කරදරයක් නොවී බේරාගැනීමට හැකිවේවා...!
Nuwan Monday, 28 October 2019 01:36 PM
අනේ සියලු දෙවියනේ මේ දරුවාව ආරක්ෂා කර දෙන්න...
සෙනෙවිරත්න Monday, 28 October 2019 03:33 PM
දෙවියෝ බේරයිද කියන එක උන්නැහේලාගෙන්ම අහන්න වෙනවා. ඒත් මේ මෙහෙයුම කරන අය මේක කරයි කියලා යම් විශ්වාසයක් තියෙනවා...