IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දියාව සමඟ සාමයට සූදානම්:

අසල්වැසි ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කර ගෙන දෙරට අතරේ සාමය ස්ථාපිත කර ගැනීමට තමන් සූදානම් යැයි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් කියා සිටී.
 

පාකිස්තාන අගමැති ෂරීෆ් ජාතිය අමතමින්...

අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (20) ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර යහපත් සබඳතා ඇති කර ගනිමින්, මිතුදම් ශක්තිමත් කර ගැනීමට තමා කැප වී කටයුතු කරන බව ද අගමැති ෂරීෆ් එම අවස්ථාවේදී අවධාරණය කළේය.

‘ඉන්දියාව සමඟ පවතින සබඳතා යහපත් කර ගැනීම කෙරෙහි මා ප‍්‍රමුඛත්වය  දෙනවා. මැතිවරණ වේදිකාවේදීත් මා එසේ කරන බව කීවා. මා දන්නවා මට ඡුන්දය දුන් ජනතාව මගේ තීරණයට එකඟ වෙනවා. දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවත් පාකිස්තානයත් දේශසීමා නිසා ඇනකොටා ගන්නවා. එය එසේ නොවිය යුතුයි. අප දෙගොල්ලන් එකමුතු විය යුතුයි. දිළිඳුකම සහ නිරක්ෂරතාව පිටුදැකීමට එකමුතු විය යුතුයි.’ යැයි අගමැතිවරයා ෂරීෆ් වැඩි දුරටත් කියා සිටියේය.

පසුගිය මැයි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් නවාස් ෂරීෆ් අගමැති ධුරයට පත්වූයේ තෙවැනි වරටය. 1999 වසරට පෙර ඔහු අගමැති ධුරයේ සිටි අවධියේදී පවා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

පසුගිය මැයි මාසයේ පැවැති පාකිස්තාන මහ මැතිවරණයේදී ෂරීෆ් ජනතාවට දුන් ඡන්ද පොරොන්දුවක් වූයේ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් සාමය ස්ථාපිත කිරීමටත් තමා කැපවෙන බවය.

අගමැතිවරයාගේ එම සාම වැඩපිළිවෙළට කාශ්මීර බෙඳුම්වාදීන්ගෙන් විරෝධතා එල්ල වී ඇත. ඉන්දියාව සමඟ සාම කතා අවශ්‍ය නැති බව කාශ්මීර බෙදුම්වාදීහු පවසති. ඔවුන් අගමැති ෂරීෆ්ට මරණ තර්ජන ද එල්ල කර ඇත.

ෂරීෆ් ලබා දුන් අනෙක් ඡුන්ද පොරොන්දුව වූයේ පාකිස්තාන තලේබාන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමය.

ෂරීෆ් සහ ඔහුගේ රජය සාමය වෙනුවෙන් කැප වන්නේ නම්, සාම සාකච්ඡුා පැවැත්වීමට තමන් ද සූදානම් බව පාකිස්තාන තලේබාන් නායකයෝ පවසා සිටිති. අගමැතිවරයා ඊයේ ජාතිය ඇමැතූ අවස්ථාවේදී තලේබාන් සංවිධානයට සාම සාකච්ඡුා සඳහා ආරාධනාවක් ද කළේය.

අගමැති ෂරීෆ් ඉන්දියාව සමඟ සාමයට සැරැසෙන්නේ ඉකුත් 6 වැනිදා සිට ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින දේශසීමා අර්බුදය දුරදිග යෑම නිසාය.
එම අර්බුදය හටගත්තේ, ඉන්දු කාශ්මීරයේ ඉන්දීය සහ පාකිස්තාන සෙබළුන් අතර සිදුවුණු වෙඩි හුවමාරුවකි. වෙඩි හුවමාරුවේදී පාකිස්තාන සෙබළුන් අතින් තම සෙබළුන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වූයේ යැයි ඉන්දීය රජයත් හමුදාවත් චෝදනා කර ඇත.

පාකිස්තාන රජයත් හමුදාවත් එක හෙළා කියා සිටියේ තම හමුදා ඉන්දීය සෙබළුන්ට වෙඩි තැබීමක් නොකළ බවය.

කෙසේ නමුත් ඉකුත් 10 වැනිදා ද යළිත් වරක් කාශ්මීර ප‍්‍රදේශයේදී ඉන්දීය සහ පාකිස්තාන සෙබළුන් අතර පැය 7 කට ආසන්න කාලයක් තිස්සේ වෙඩි හුවමාරුවක් පැවැතිණි.

හටගත් එම දේශසීමා අර්බුදය හේතුවෙන් ඉන්දීය දේශපාලඥයෝ පාකිස්තාන රජයට දොස් පවරති. වෙඩි තැබීමට විරෝධය පාමින් නවදිල්ලියේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා රැලි ද පැවැත්විණි. දෙරටේ හමුදාපතිවරුන් එම වෙඩි තැබීමේ සිදුවීම ගැන සාකච්ඡා පැවැත් වූ නමුත් එම සාකච්ඡා ඵලදායී නොවිණි.

ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලයට හිමිකම් කියන රටවල් වන හෙයින් අර්බුදය දුරදිග ගියහොත්, දෙරට අතර යළිත් වරක් යුද්ධයක් හට ගනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ බිය පළ කර සිටිති. මේ අතර ඉන්දීය රජය සමඟ හොඳහිත පවත්වාගෙන යෑමේ අරමුණින්, තම අත්අඩංගුවේ සිටින ඉන්දීය ජාතික සිරකරුවන් 350 දෙනකු නිදහස් කිරීමට ද පාකිස්තානය පසුගියදා තීරණය කළේය.

පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් කියා සිටියේ නිදහස් කිරීමට නියමිත එම සිරකරුවන්ගෙන් බොහෝ දෙනා ඉන්දීය ධීවරයන් බවය.
 



අදහස් (0)

ඉන්දියාව සමඟ සාමයට සූදානම්:

රොෂාන් සෞදි Wednesday, 21 August 2013 07:34 PM

ඉන්දියාව අතේ දුරින් තියා ගන්නවානම් තමයි හොද (අ)

:       0       0

සුජීව Wednesday, 21 August 2013 01:15 PM

බුද්ධිමත් නායකයෙක්ගේ ගති ලක්ෂණ, නැතිනම් රටවල් දෙකම විනෙශ වෙනවා, දුර දර්ශි අනාගත සැලසුමක්, අපේ රටටත් හොද ආදර්ශයක්. (ස)

:       0       0

ද සිල්වා Wednesday, 21 August 2013 08:15 PM

හොඳ අදහසක් ආසියාවේ අපි එකිනෙකාට විරුධව සටන්කරනකොට එමගින් ලාභ ලබන්නේ ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට උදව්කරන , ජයලලිතා , කරුණ නිධි වැනි අය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site