IMG-LOGO

ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ ‘ප්‍රාග්යාන්’ මෙහෙයුම් අරඹයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

‘වික්‍රම’ යානය තුළ රඳවනු ලැබූ ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රෝවර් යානය, පිටතට පැමිණ සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ආරම්භ කළේ ‘වික්‍රම’ යානය සඳට පතිත කර පැය කීපයක් යද්දීය. ‘ලෑන්ඩර්’ යානා යනු පතිත කරන ස්ථානයේ සිට ගවේෂණ කටයුතු සිදු කරන රොබෝ යානාය.

‘රෝවර්’ යානා යනු රෝද සහිත එහෙමෙහෙ යා හැකි රොබෝ යානාය. ‘වික්‍රම්’ යානය සාර්ථකව සඳට පතිත කළාක් මෙන්, ‘ප්‍රාග්යාන්’ යානය ද සාර්ථකව ‘වික්‍රම්’ යානයෙන් පිටතට පැමිණ මෙහෙයුම් ඇරැඹූ බව ඉන්දීය විද්‍යාඥයන් පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.

‘වික්‍රම්’ යානය පතිත කළේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකටය. සඳට රොබෝ යානයක් යැවූ සිවුවැනි රට වන්නේ ඉන්දියාවය. මීට පෙර සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනය සඳා මතට රොබෝ යානා යවා ඇත. එසේ වුවත්, සඳේ දක්ෂිණ ධ්‍රැවය එසේත් නැතිනම් සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යැවූ පළමු රට ඉන්දියාව වීම විශේෂත්වයකි.

‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා ඇතුළු ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව වැය කළ මුදල ඉන්දිය රුපියල් කෝටි 600 කි. පසුගිය ජූලි 14 වැනිදා ඉන්දියාවේ ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙන් ‘චන්ද්‍රයාන් 3’ මවු යානය අභ්‍යවකාශයට යැවීම සිදුවිය.

‘චන්ද්‍රයාන් 3’ මවු යානය පෘථිවි කක්ෂයට පිවිස, පෘථිවිය වටේ යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගෙන සඳුගේ කක්ෂයට පිවිසීමට දින 41 ක් ගත විය. සඳට පතිත කළ ‘වික්‍රම’ යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය, මාසයක් සහ දින 9 ක් ක්‍රියාකාරීව, අදාල මෙහෙයුම්වල නියැලෙනු ඇත. මෙහෙයුම් කාලය නිමා වූ පසු ‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා අතහැර දැමෙනු ඇත.

සඳුගේ දක්ෂිණ ධ්‍රැවය හෙවත් අඳුරු කලාපයේ වටිනා ඛනිජ ද්‍රව්‍ය සහ මිදුණු ජලය ඇතැයි විශ්වාස කෙරේ. ඒවා ගවේෂණය, ‘වික්‍රම’ යානයේත් ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවරයේත් අරමුණ වෙයි.



අදහස් (1)

ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ ‘ප්‍රාග්යාන්’ මෙහෙයුම් අරඹයි

K. D.Ajith Kalubowila Thursday, 24 August 2023 02:07 PM

සුභපැතුම්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 308 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 488 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site