ඉන්දියාව සහ වියට්නාමය අතර ඉකුත් දා නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබිණි.
වසර 2030 වනවිට දෙරට අතර ද්විපාර්ශවීය ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් පුළුල් සහ ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
දෙරටේ හමුදා අතර සේවා සැපයුම් පහසුකම් පවත්වාගෙන යෑම සහාය දීම, නඩත්තු, නැවත පිරවීම් සහ සැපයීම යනාදිය සඳහා එකිනෙකාගේ කඳවුරු භාවිත කිරීම යනාදිය ද මෙම නව ගිවිසුමට ඇතුළත් වේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉකුත් සතියේ වියට්නාමයේ සංචාරය කළ අතර එහිදි මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ වියට්නාමයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් පන් වන් සාන්ග් (ෆෑන් වැන් ජියෝන්ග්) අතර පැවැති පුළුල් සහ සාර්ථක සාකච්ඡාවලින් පසුව මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
ඉන්දු-ශාන්තිකර කලාපය තුළ චීනයේ ආක්‍රමණශීලී සහ ප්‍රසාරණ (අල්ලාගැනීමේ) හැසිරීම සම්බන්ධයෙන් ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව-වියට්නාමය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි