එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසියේදී ඉන්දියාව පළමු වරට රුසියාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන ඇති හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි. පසුගිය 24 වැනිදා වනවිට රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත විය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේනයේ කීව් අගනුවර සිට ආරක්ෂක මණ්ඩල සමුළුව ඇමැතීමට සූදානම් විය. ඔහු ඒ සඳහා ආරක්ෂක මණ්ඩල සාමාජික රටවලින් අවසර ඉල්ලීමක් කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15 කින් සමන්විත වන අතර, ඊට නිත්‍ය සාමාජිකයන් පස් දෙනෙකි. චීනය, ප්‍රංශය, රුසියාව, මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව එම නිත්‍ය සාමාජිකයන්ය. ඉන්දියාව නිත්‍ය නොවන සෙසු සාමාජිකයන්ගෙන් කෙනෙකි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවසර ඉල්ලූ අවස්ථාවේදී රුසියාව ඊට විරෝධය දැක්වීය. ඒ අනුව, සෙලෙන්ස්කීගේ ඉල්ලීම සම්බන්ධයෙන්ඊට කැමැත්ත අකමැත්ත විමසා හදිසි ඡන්ද විමසුමක් පැවැත්වීය. ඉන්දියාව යුක්රේනයට හිතවත් බටහිර රටවල් සමඟ රුසියාවට එරෙහිව ඡන්දය දුන්නේ, යුක්රේන ජනාධිපති සෙලෙන්කීට සමුළුව ඇමැතීමට ඉඩ දිය යුතුයි යනුවෙනි.
යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඉන්දියාව රුසියාවට එරෙහිව ඡන්දය ලබා දුන් පළමු අවස්ථාව වන්නේ මෙයයි. මීට පෙර යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් රුසියාවට එරෙහිව ඡන්ද විමසුම් පැවැත්වෙද්දී, ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කළ යුතු බව ඉන්දීය රජය නිරන්තරයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවධාරණය කර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලොදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ පවා, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරයි. එය එම සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව ඇමෙරිකාව පෙන්වා දී ඇත.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මාස 6 ක් ගත වීම පමණක් නොව, යුක්රේනයේ නිදහස් දිනය ද පසුගිය 24 වැනිදාට යෙදී තිබුණි. පසුගිය 24 වැනිදාට යෙදී තිබුණේ යුක්රේනයේ 31 වැනි නිදහස් දිනයයි. යුක්රේනය නිදහස් දිනය ලෙස සමරන්නේ, 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමය.
එදින යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ආරක්ෂක මණ්ඩල සමුළුව ඇමැතීමට අවසර ඉල්ලා සිටියේ, රුසියානු ආක්‍රමණයෙන් සිදුවී ඇති හානිය පෙන්වා දීමටය.
යුක්රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීම සමුළුවට ඉදිරිපත් කළ විට ඊට එකපයින් විරුද්ධ වූයේ එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියා ය.යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ ඉල්ලීම සම්බන්ධයෙන් හදිසි ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය යැයි සමුළුවෙන් ඉල්ලීමක් කළේ ද ඔහුය.
(රොයිටර්)
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් ප්‍රකාශ කළේ, එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවය. මොස්කව් අගනුවරට පැමිණි තවත් ඩ්‍රෝන 19 ක් විනාශ ක
ගාසා තීරය පහර දී සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ සැලැස්මකට, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පැවැසෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්
සිරියාවේ ජාතික රූපවාහිනී සේවය යළි ඔවුන්ගේ විකාශය කටයුතු ආරම්භ කර ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් නෙරපා දමා මාස පහකට පසුවය.
දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්දියාව රුසියාවට එරෙහිව ඡන්දය දෙයි