පාකිස්තානයේ සහාය ලබන ත්‍රස්තවාදී කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බැවින් දැඩි අවධානයකින් පසුවන්නැයි ඉන්දීය නාවික හමුදාවට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.
ජම්මු සහ කාශ්මීරයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමට එරට ආණ්ඩුව පියවර ගත්තේය. එයත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
කාශ්මීරය මුල් කරගනිමින් වසර 70ක් මුළුල්ලේ සිට ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදිකම් පවතී.
ඉන්දු පාකිස්තාන දේශසීමාවේ සිටින අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පාකිස්තාන හමුදාව සහාය දක්වන බවට ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරයි.
නැගෙනහිර සහ බටහිර මුහුදුබඩ ප්‍රදේශවලට ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඉන්දියාවේ ඉහළ පෙළේ නිලධාරීන් අනතුරු අඟවා ඇත.
වෙරළ තීරයේ ආරක්ෂාව වැඩි කිරීමටත් වැදගත් මර්මස්ථාන සහ ස්ථානවල ආරක්ෂාව වැඩි කිරීමටත් ඉන්දියාව පියවර ගෙන තිබේ.
ඩෙකෑන් ක්‍රොනිකල් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ මර්මස්ථාන වල ආරක්ෂාව වැඩි කෙරේ