බංග්ලාදේශය නිදහස් කරගැනීමේ දී දේශසීමා ආරක්ෂක බලකාය සුවිශේෂී සහ ඉතා වැදගත් භූමිකාවක් රඟ දැක් වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඉකුත් දා පැවැසීය.
පාකිස්තානය සමඟ පැවැති යුද්ධය අවසන් වී වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයක ප්‍රධාන කතාව කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව කීවේ ය.
ඉන්දු - පාකිස්තාන යුද්ධයෙන් ඉන්දියාව ජයලැබූ අතර එය බංග්ලාදේශය නිර්මාණය වීමට ද බෙහෙවින් උපකාරී විය.
වසර 1971 දී පාකිස්තානය ක්‍රියාත්මක කළ ‘සර්ච්ලයිට්’ මෙහෙයුම මෑත ඉතිහාසයේ වඩාත් බිහිසුණු සහ දරුණු අපරාධ සහ කෲර මනුෂ්‍ය ඝාතනවලට ඉතා හොඳ උදාහරණයක් යැයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවැසීය.
දේශසීමා ආරක්ෂක බලකාය මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහිදි මෙම බලකායේ සෙබළුන් අනුස්මරණය කිරීම ඔවුන්ට ගෞරව කිරීම යනාදිය ද සිදු කෙරුණි.
බංග්ලාදේශය නිදහස් කරගැනීමේ දී දේශසීමා ආරක්ෂක බලකාය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ඒ වෙනුවෙන් දිවිපිදු, ලේ වැගිරු නිලධාරීන්, සෙබළුන් ඇතුළු සියලු දෙනාට උත්තමාචාරය පිරිනමන බව ද ආචාර්ය ජයශංකර් පැවැසීය.
දේශසීමා ආරක්ෂක බලකාය සමඟ එක්වෙමින් ඉන්දීය හමුදාව 1971 වසරේ දී ලැබූ ජයග්‍රහණය බංග්ලාදේශයට උපත දුන් බව නිරන්තරයෙන් කියැවෙන්නකි.
එන්.ඩී.ටීවී. ඇසුරිනි
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ භූමිකාව ගැන විදෙස් ඇමැති පහදයි