දිනෙන් දින උග්‍රවන පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස, එක් වරක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් සදහා තහංචි පැනවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව, සිගරට් පැකට්ටුවේ සිට, ප්ලාස්ටික් බෝතල් දක්වා පමණක් නොව, පිදුරු ගිනි තැබීම දක්වා ද තහංචි පැනැවෙයි.
ඉන්දියාවේ ගොවීන් අස්වැන්න වැඩි කර ගැනීමට මහා පරිමානයෙන් පිදුරු ගිනි තැබීම සිදු කරයි. මෙය එරට වායු දූෂණය ඉහළ දැමීමට හේතුවක් වී ඇත.
තහනම් කළ ප්ලාස්ටික් ද්‍රව්‍ය අතර බීම බට, ප්ලාස්ටික් හැදි ගෑරුප්පු කෝප්ප පිගන් ආදිය ද ඇතුළත් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පරිසරයට අහිතකර ආකාරයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය 19 ක් හදුනා ගෙන ඇති බවත් පළමු අදියර යටතේ එම ද්‍රව්‍ය 19 තහනම් කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉන්දියාවේ ප්ලාස්ටික් තහනමක්